යුධ විරුවන්ගේ ඉතිහාසය සැඟවුණු Australian War Memorial

  • Home
  • /
  • Blog
  • /
  • යුධ විරුවන්ගේ ඉතිහාසය සැඟවුණු Australian War Memorial

ඕස්ට්‍රේලියානු ඉතිහාසය ගවේෂණය කිරීමට වගේම ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාව සහ එහි සෙබළුන්ගේ ඉතිහාස කතා තුළ සැරිසරන්න හොඳම තැන ගැනයි මේ කියන්න හදන්නේ.

මේ තමයි Australian War Memorial හෙවත් ඕස්ට්‍රේලියානු යුධ ස්මාරකය. මේක සිද්ධස්ථානයක්, කෞතුකාගාරයක් සහ ලේඛනාගාරයක් එකතු වුණු අද්විතීය ජාතික ආයතනයක්. එය දේශීය හා විදේශීය වශයෙන් යුද්ධය, ගැටුම් සහ සාම සාධක මෙහෙයුම් වලදී ජාතියට සේවය කළ කාන්තා පිරිමි බොහෝ දෙනාගේ කැපවීම් ලොවට විදහා දක්වනවා.

ප්‍රදර්ශන, කලා කෘති, විශාල තාක්ෂණික වස්තූන් සහ පුද්ගලික වාර්තාවල එකතුවක් හරහා, ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය සහ ජාතික අනන්‍යතාවය ඕස්ට්‍රේලියානුවන් අතරට මෙන්ම  ජාත්‍යන්තර නරඹන්නන් අතරටද ගෙන යාමට මෙම ස්මාරකය විශේෂ කාර්යය භාරයක් ඉටු කරනවා.

දිනපතා පැවැත්වෙන Last Post Ceremony සමග සම්බන්ධ වී සේවයේ දී මියගිය ගෞරව නාම ලේඛනයේ ලැයිස්තුගත කර ඇති පුද්ගලයින් 103,000 කට වඩා වැඩි පිරිසකට ගෞරව කිරීමට අමුත්තන්ට ද අවස්ථාව හිමි වෙනවා. මෙම සංවේදී උපහාරය සියලු සෙබළුන්ගේ කැප කිරීම්වලට ඔවුන්ට ලබා දෙන හෘදයාන්ගම ගෞරවයක්.

අමුත්තන්ට ඔවුන්ගේ සංචාරයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සහ දැනුම එක් කර ගැනීමට හැකි වන ලෙස guided tours සහ self-guided tours ඔබට ලබා ගන්න පුළුවන්.

Australian War Memorial (ඕස්ට්‍රේලියානු යුධ ස්මාරකය), සංචාරක සම්මාන සහ පිළිගැනීම් කිහිපයක්ම ලබාගෙන තියනවා. Tripadvisor විසින් මෙය කැන්බරා වල අංක එකේ ආකර්ෂණීය ස්ථානය ලෙස ශ්‍රේණිගත කෙරුණු අතර, 2023 දී ලොව හොඳම නොමිලේ සංචාරක ආකර්ෂණ දිනාගන්නා ස්ථාන 10 න් එකක් ලෙස Casago විසින් නම් කරන ලදී.

Location: Fairbairn Avenue, Campbell, Australian Capital Territory, Australia

Don't forget to share this post!

Recent Posts

licensed-image (2)
July 3, 2025