New South Wales හි ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාවේ අවශ්‍යතා නියෝජනය කිරීම සඳහා 1973 දී The Sri Lanka Association of New South Wales Inc (SLA) පිහිටුවන ලදී. මෙය NSW හි සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරන ප්‍රධානතම සංගමයක් වෙනවා.
ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන් ද ශ්‍රී ලංකාවේ දේශීය සංක්‍රමණික ප්‍රජාව සහ සමස්තයක් වශයෙන් සියලුම කටයුතු සඳහා සම්බන්ධීකාරකවරයෙක් ලෙස SLA පිළිගනියි. ඒ අනුව, ශ්‍රී ලංකා සම්භවයක් ඇති පුද්ගලයින්ගේ පොදු සමූහයක් ලෙස SLA, ශ්‍රී ලාංකික උරුමයන්, වටිනාකම් සහ අනන්‍යතාවය පවත්වා ගනිමින් වඩාත් හොඳින් ඕස්ට්‍රේලියානු ප්‍රජාව සමඟ ඒකාබද්ධ වීමට කටයුතු කරයි.
එය ඕස්ට්‍රේලියාව තුළ සියලුම ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාවේ සහ ශ්‍රී ලංකාවේ අවශ්‍යතා නියෝජනය කරන අතර ඕස්ට්‍රේලියානු ප්‍රජාව තුළ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ප්‍රවර්ධනය කරයි. NSW හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දියුණුවට අවශ්‍ය සෑම උපකාරයක්ම කිරීම සඳහා SLA අවශ්‍ය විට අනෙකුත් ශ්‍රී ලාංකික සහ ශ්‍රී ලාංකික නොවන සංගම් හා සංවිධාන සමග එක්වද කටයුතු කරන අතර ශ්‍රී ලංකාවේ සිට අලුතෙන් පැමිණෙන සංක්‍රමණිකයන්ට මෙරට තුළ ස්ථාවර වීමට අවශ්‍ය උදව් උපකාරද SLA හරහා හිමි වේ.
එමෙන්ම මෙමගින් ඕස්ට්‍රේලියානු ප්‍රජාවන්ට සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට අවශ්‍ය අවස්ථා වලදී සහාය වීම සඳහා අරමුදල් රැස් කිරීමේ ක්‍රියාකාරකම් විවිධ මට්ටම්වලින් සංවිධානය කරනු ලැබේ. NSW හි ශ්‍රී ලාංකික ප්‍රජාවේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය සාත්තු නිවාස, නේවාසිකාගාර, විශ්‍රාමික නිවාස ආදිය සහ ආගමික මධ්‍යස්ථාන පැවතීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙමගින් සලකා බලයි.
ඔබත් NSW හි සිටින හෝ එහි යාමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයෙක්නම් ඔබටත් ශ්‍රී ලාංකිකයින් එක්ව පවුලක් ලෙස සංවිධානය වන The Sri Lanka Association of New South Wales සමග සම්බන්ධ විය හැක. වැඩිදුර තොරතුරු සහ ඒ හා එක්වීම සඳහා ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
Website: https://slansw.org.au/
E-mail: publicofficer@slansw.org.au
Tel: +61 421 560 282