ඉන්දියාවේ රසායනික කම්හලක පිපිරීමක්

  • Home
  • /
  • News
  • /
  • ඉන්දියාවේ රසායනික කම්හලක පිපිරීමක්

ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නගරයේ පෂමිලාරම් ප්‍රදේශයේ පිහිටි රසායනික කම්හලක ඊයේ (30) සිදුවූ පිපිරීමකින් වැඩ කරන සේවකයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමෙන් පසුව ගින්න අවට ගොඩනැගිලි වෙතද පැතිරී ගොස් ඇත. අනතුරට ලක්වූ අවස්ථාවේ කම්හලේ සිටි සේවකයන්ගේ ගණන 66 ක් ලෙස හඳුනාගෙන ඇති අතර, තුවාල ලබා ඇති තවත් කීපදෙනකු රෝහල්ගත කර ඇත.

අනතුර සිදුවූ වහාම ගිනි නිවීමේ ඒකක සහ අනෙකුත් ආරක්ෂක බලකා පැමිණ ගින්න පාලනයට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව හෙළිවී නොමැති අතර, ඒ පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටින බවද සඳහන් වේ.

 

Image Credit goes to by : https://www.msn.com

Don't forget to share this post!

Recent Posts

504
October 16, 2025