ගාසා තීරයේ සටන් විරාමයට හමාස් සටන්කාමීන් එකඟ වෙයිද

  • Home
  • /
  • News
  • /
  • ගාසා තීරයේ සටන් විරාමයට හමාස් සටන්කාමීන් එකඟ වෙයිද

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, ගාසා හි සටන් විරාමයක් සඳහා දින 60ක කාලයක් යටතේ ඊශ්‍රායලය එකඟතාවයට පත්ව ඇති බවයි. ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ කළ සටහනක සඳහන් වන්නේ, මෙම යුද්ධය අවසන් කර සන්සුන් තත්ත්වයක් උදෙසා සියලු පාර්ශවයන් එක්ව කටයුතු කරන බවය.ගාසා තීරයේ යුද්ධය නවතා දැමීම සඳහා මේ දිනවල අමෙරිකාව මැදිහත්වී සාකච්ඡා පවත්වාගෙන     යන අතර ඊශ්‍රාලයද එම සංවාදවලට සම්බන්ධ වී ඇත.මෙම සාකච්ඡාවල මැදිහත් වන්නේ කටාරය සහ ඊජිප්තුව වන අතර, ඔවුන් මැතිහත්කාරී භූමිකාවක් ඉටු කරති.

සටන් විරාමයකට ඊශ්‍රායලය පමණක් නොව හමාස් සටන්කාමීන් ද එකඟ විය යුතු බවට ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර ඇති අතර, එසේ නොවන්නේ නම් මෙම ගැටුම තවත් දිගුවකට පත් විය හැකි බව ද ඔහු සඳහන් කළාය.2023 ඔක්තෝබර් 7 වනදා ආරම්භ වූ හමාස්-ඊශ්‍රායල යුද්ධයෙන් ගාසා තීරයේ දක්නට ලැබුණු මරණ සංඛ්‍යාව අවම වශයෙන් පුද්ගලයින් 56,647 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

elon musk
July 2, 2025