Elon Musk ලංකාවට දෙන්න හදන අලුත් වැඩේ

  • Home
  • /
  • Blog
  • /
  • Elon Musk ලංකාවට දෙන්න හදන අලුත් වැඩේ

සුප්‍රසිද්ධ ව්‍යාපාරික Elon Musk විසින් ඔහුට අයත් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව (satellite internet service) වන Starlink දැන් ශ්‍රී ලංකාව ආවරණය කරන බව ඔහුගේ X ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර ඇත.

“Starlink now available in Sri Lanka!” යනුවෙන්  Elon Musk සිය ‘X’ සටහනෙහි සඳහන් කළේය.

චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සේවා සඳහා අවසර දීමට ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නීතිය සංශෝධනය කිරීමෙන් අනතුරුව, 2024 අගෝස්තු මාසයේදී Starlink මේ සඳහා නියාමන අනුමැතිය ලබා ගත්තේය. පසුගිය සතියේ, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසා සිටියේ, උපාංග 10 ක් භාවිතා කරමින් Starlink හි නියමු ව්‍යාපෘතියක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

Starlink හි වෙබ් අඩවියට අනුව, ශ්‍රී ලංකාව සඳහා වන නේවාසික පැකේජය (residential package) මසකට රු. 15,000 ක් වන අතර, අවශ්‍ය උපාංග සඳහා රු. 118,000 ක අමතර පිරිවැයක් දැරිය යුතුයි. මෙම පැකේජය unlimited satellite internet ලබා දෙන නමුත්, මේ සඳහා බදු ඇතුළත්ද යන්න තවමත් පැහැදිලිව ප්‍රකාශ කර නැහැ.

Starlink යනු SpaceX යටතේ ක්‍රියාත්මක වන අන්තර්ජාල සේවාවක් වන අතර එය දහස් ගණනක් වූ පහළ පෘථිවි කක්ෂ චන්ද්‍රිකා භාවිතා කරමින් අධිවේගී අන්තර්ජාල පහසුකම් සපයයි. සාම්ප්‍රදායික fibre connections නොමැති දුරස්ථ සහ ග්‍රාමීය ප්‍රදේශවලට මෙම සේවාව විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වේ. එය දැනට රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවක සාර්ථකව ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක්.

Don't forget to share this post!

Recent Posts

licensed-image (2)
July 3, 2025