ඔස්ට්‍රේලියානුවෙක් විදිහට ඔයාට ලැබෙන වගකීම් හා වරප්‍රසාද ගැන අපි කලින් කතා කළා. අද කියන්න හදන්නේ ඕස්ට්‍රේලියාවේ තියන ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව සහ නිදහස ගැන දේවල් ටිකක්. ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් විදිහට හෝ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අපේක්ෂාවෙන් සිටින, ඕස්ට්‍රෙලියාව තුල ජීවත් වෙන සහ ජීවත් වීමට බලාපොරොත්තු වෙන හැම දෙනාටම මේ මූලික කාරණා දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් දෙයක්. මේ හැමදේම දැනගත්තට පස්සේ මීළඟ ලිපියෙන් අපි කතා කරමු ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගන්න විදිහ ගැන.
පාලන ක්‍රමය
ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක වෙන පාලන ක්‍රමය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය.ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් වෙන පුද්ගලයින් පාර්ලිමේන්තුව තුළ ඔබව නියෝජනය කරනවා. අපගේ නීති තීරණය කරනු ලබන්නේ ජනතාව විසින් තේරී පත් වූ මෙම පාර්ලිමේන්තු විසින්. මෙයින් අදහස් කරන්නේ ඕස්ට්‍රේලියානු පුරවැසියන් රට පාලනය කිරීමට සම්බන්ධ වන බවයි. ඕස්ට්‍රේලියාවේ නීති සම්පාදනය කිරීමට සහ වෙනස් කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබෙනවා.
නීතියේ ආධිපත්‍යය
සියලුම ඕස්ට්‍රේලියානුවන් නීතිය යටතේ සමානයි. කිසිදු පුද්ගලයෙකු, කණ්ඩායමක් හෝ ආගමක් නීතියට ඉහළ වෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියානු ප්‍රජාව තුළ බලය සහිත තනතුරු දරන පුද්ගලයින් ඇතුළුව සෑම කෙනෙකුම ඕස්ට්‍රේලියානු නීතිවලට කීකරු විය යුතුයි. සියලුම ඕස්ට්‍රේලියානුවන් රටේ නීති පද්ධතිය මගින් ආරක්ෂා කෙරෙනවා. නීතියේ ආධිපත්‍යය යටතේ, සියලුම ඕස්ට්‍රේලියානුවන් නීතියට සාපේක්ෂව සමාන වන අතර කිසිදු පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් නීතියට ඉහළින් නැත.
පසුබිම නොසලකා සියලුම පුද්ගලයින්ට ගරු කිරීම
ඕස්ට්‍රේලියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ සෑම පුද්ගලයෙකුටම, ඔවුන්ගේ පසුබිම කුමක් වුවත්, ඕස්ට්‍රේලියානු නීතිය යටතේ සමාන අයිතිවාසිකම් හිමි වෙනවා. සියලුම ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ ජාතිය, උපන් රට, ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගික දිශානතිය, විවාහක තත්ත්වය, වයස, හැකියාව, උරුමය, සංස්කෘතිය, දේශපාලනය, ධනය හෝ ආගම නොසලකා එකිනෙකාට සමාන ගෞරවයෙන් සැලකිය යුතුයි.
කතා කිරීමේ නිදහස
නීති උල්ලංඝණය නොකරන තාක් කල් සහ වෙනත් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට එරෙහිව ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය නොකරන තාක් කල් ඕස්ට්‍රේලියාවේ ජනතාවට තම අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට හැකිය. ප්‍රකාශනයක් නීත්‍යානුකූල වන තාක් කල් අනෙක් පුද්ගලයින්ගේ කතා කිරීමේ නිදහස සහ ප්‍රකාශනයේ නිදහසට ගරු කළ යුතුය.
සමාජයේ නිදහස
ජනතාවට පොදු අරමුණු ඉටු කර ගැනීම සඳහා සංගම් පිහිටුවීමට සහ ඒවාට සම්බන්ධ වීමට අයිතිය තිබෙනවා. ඒ අනුව ඔබට ඕනෑම නීතිමය සංවිධානයකට සම්බන්ධ වීමට හෝ ඉවත් වීමට අයිතිය ලැබෙනවා. උදාහරණයක් ලෙස:
- දේශපාලන පක්ෂ
- වෘත්තීය සංගම්
- ආගමික කණ්ඩායම්
- සංස්කෘතික කණ්ඩායම්
- සමාජ කණ්ඩායම්
මෙම කිසිදු කණ්ඩායමකට හෝ සංගමයකට බැඳීමට ඔබට බල කළ නොහැකියි.
ආගමේ නිදහස
රජය සහ නීතිය සියලුම පුරවැසියන්ට ඔවුන්ගේ ආගම හෝ විශ්වාසයන් කුමක් වුවත්, ඒ පිළිබද නොසලකා සමානව සලකනවා. ඕස්ට්‍රේලියාවේ රජය ස්වාධීන ය. එනම් එය පල්ලි හෝ වෙනත් ආගමික ආයතනවලින් වෙන්ව ක්‍රියාත්මක වේ. ඔබේ ආගමික පිළිවෙත් ඕස්ට්‍රේලියානු නීති කඩ නොකරන තාක් කල්, ඔබ තෝරා ගන්නා ඕනෑම ආගමක් අනුගමනය කිරීමට ඔබට නිදහස තිබේ. ඔබට ආගමක් අනුගමනය නොකිරීමටද හැකිය.
සමානාත්මතාව
ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, ආබාධිතභාවය හෝ වයස හේතුවෙන් පුද්ගලයෙකුට අන් අයට වඩා වෙනස් ලෙස නොසැලකීම සහතික කරන නීති ගණනාවක් ඕස්ට්‍රේලියාවේ තිබේ. පුද්ගලයෙකුගේ ලිංගභේදය නිසා ඔහුට වෙනස් ලෙස සැලකීම නීතියට පටහැනිය.
ඕස්ට්‍රේලියානුවන් සියලු දෙනාට සමාජය තුළ සමාන අවස්ථා ලැබීම අගය කරති. එය බොහෝ විට ‘fair go’ ලෙස හැඳින්වේ. මෙයින් අදහස් කරන්නේ යමෙකු ජීවිතයේ අත්කර ගන්නා දේ ඔවුන්ගේ ධනය හෝ පසුබිමට වඩා ඔවුන්ගේ දක්ෂතා, වැඩ සහ උත්සාහයේ ප්‍රතිඵලයක් විය යුතු බවයි. මෙය ඕස්ට්‍රේලියානු සමාජයේ විධිමත් පන්ති භේදයක් නොමැති බව සහතික කරනවා.
අන් අය කෙරෙහි අන්‍යෝන්‍ය ගෞරවය සහ ඉවසීම
ඕස්ට්‍රේලියාවේ, පුද්ගලයන් අන් අයගේ නිදහස සහ ගෞරවයට සහ ඔවුන්ගේ අදහස් සහ තේරීම්වලට ගරු කළ යුතුයි. තවත් පුද්ගලයෙකුට එරෙහිව ප්‍රචණ්ඩකාරී වීම නීතියට පටහැනියි. වාචික හා ශාරීරික හිංසනය ඇතුළුව ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයක් නීති විරෝධී වෙනවා.
ජාතික භාෂාව ලෙස ඉංග්‍රීසි
ඕස්ට්‍රේලියාවේ ජාතික භාෂාව ඉංග්‍රීසි භාෂාවයි. ඉංග්‍රීසි කතා කිරීමට ඉගෙන ගැනීම වැදගත් වන්නේ එය අධ්‍යාපනයට, රැකියාවක් ලබා ගැනීමට සහ අනෙකුත් ප්‍රජාවන් සමග වඩා හොඳින් ඒකාබද්ධ වීමට උපකාරී වන නිසායි.
රටට පක්ෂපාතී වීම
අපි කලින් ලිපියෙන් කතා කරපු විදිහට පුරවැසිභාවය පිළිබඳ කැපවීමේ පොරොන්දුවේදී (citizenship pledge of commitment), ඕස්ට්‍රේලියානු පුරවැසියන් ඕස්ට්‍රේලියාවට සහ එහි ජනතාවට තම පක්ෂපාතිත්වය ලබා දෙන බවට ප්‍රතිඥා දෙනවා. එම රටවල නීති ඉඩ දෙන්නේ නම් ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට වෙනත් රටක හෝ රටවල පුරවැසිභාවය ද ලබා ගත හැකියි. මෙය ද්විත්ව හෝ බහු පුරවැසිභාවය ලෙස හැඳින්වෙනවා. කෙසේ වෙතත්, පුද්ගලයෙකු වෙනත් රටක පුරවැසියෙකු වුවද, ඕස්ට්‍රේලියාව තුළ සිටින ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු සෑම විටම සියලුම ඕස්ට්‍රේලියානු නීති අනුගමනය කළ යුතුයි. විදේශගතව සිටියදී පවා ඕස්ට්‍රේලියානු පුරවැසියන් විසින් සමහර ඕස්ට්‍රේලියානු නීති අනුගමනය කළ යුතුයි.
ඕස්ට්‍රේලියානු පුරවැසියකු ලෙස ජීවත් වීමට අවශ්‍ය මූලිකම දේවල් තමයි මේ. ඕස්ට්‍රේලියානු පුරවැසියකු වීමට බලාපොරොත්තු වෙන ඔබට වැදගත්ම දෙයක් වන පුරවැසිභාවය ලබා ගැනීම පිළිබඳ මීළග ලිපියෙන් කතා කරමු.
Post 94 – New Labour Force Trending data and Australia’s shifting job market
Content:
අලුතෙන්ම නිකුත් කරපු, රැකියා වෙළදපොළේ පුදුම හිතෙන වෙනස්කම්
නවතම ශ්‍රම බලකා ප්‍රවණතා (Labour Force Trending – LFT) දත්ත නිකුත් කර ඇති අතර, මෙය ඕස්ට්‍රේලියාවේ රැකියා වෙළදපොළ පරිණාමය වන ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දෙනවා.
2025 මැයි මාසයේ නව දත්ත මගින් විවිධ කර්මාන්ත හා වෘත්තීන් හරහා රැකියා වෙළඳපොළේ සිදුවන වෙනස්කම් පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගන්න පුළුවන්. මෙම වාර්තා ඉදිරිපත් කර ඇත්තේ පසුගිය වසර, වසර 5 සහ දශකය තුළ පවා ප්‍රවණතා නිරීක්ෂණය කිරීම තුලින්.
Internet Vacancy Index (අන්තර්ජාල පුරප්පාඩු දර්ශකය) සහ Employment Projections (රැකියා ප්‍රක්ෂේපණ) වැනි අනෙකුත් ප්‍රධාන මූලාශ්‍ර සමග එක්ව ගත් විට ඉහළ රැකියා ඉල්ලුමක් පවතින ස්ථාන සහ ඉදිරියේදී ඇති වන රැකියා ප්‍රවණතා ගැන ද නිවැරදි පුරෝකථනයක් සිදු කරන්න පුළුවන්. මේක ව්‍යාපාර වලට, ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහ පර්යේෂකයන්ට ඍජුවම උදව් වෙනවා.
මෙම නිකුතුවේ සමහර කැපී පෙනෙන ප්‍රවණතා අතර, Health Care and Social Assistance සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනවා. එහි රැකියා අවස්ථා 5.1% කින් වර්ධනය වනවා වගේම රැකියා 115,200 ක් අලුතින් එකතු වෙනවා. Technicians සහ Trades Workers කියන්නේ මෙරට ශ්‍රම බලකායේ ප්‍රධානතම පිරිසක්. ඕස්ට්‍රේලියානුවන් මිලියන 2 කට ආසන්න සංඛ්‍යාවක් (සියලුම සේවකයින්ගෙන් 14%) මෙම රැකියාවන්හි නිරත වී සිටිනවා.
පසුගිය වසර තුළ නිර්මාණය කරන ලද නව රැකියා වලින් අඩක් පමණ සාමාන්‍යයෙන් VET සුදුසුකම් (VET qualification) හෝ ඒ හා සමාන අත්දැකීම් අවශ්‍ය වන වෘත්තීන් වූ අතර, ඒවා ප්‍රායෝගික හා කුසලතා මත පදනම් වූ අධ්‍යාපනයේ වර්ධනය වන වටිනාකමක් පෙන්වනවා.
ඔබ රැකියා ප්‍රතිපත්ති නිර්මාණය කරන කෙනෙක්නම්, අලුතින් සේවකයින් බඳවා ගන්න කෙනෙක් නම් හෝ කර්මාන්ත වෙනස්කම් පිළිබඳව පර්යේෂණ කරන්නේ නම්, මේ අලුතෙන්ම නිකුත් කරන ලද මැයි මාසයේ LFT දත්ත අද වන විට මෙරට තුළ රැකියා වෙළඳපොළ ගැන ඔබට පැහැදිලි අවබෝධයක් ලබා දේවි. ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා සුදුසු ක්ෂේත්‍රයක් තෝරාගැනීමට සිතන කෙනෙක්ට උනත් මේක ලොකු උදව්වක් වෙනවා.
මේ ප්‍රවණතා හැම දෙයක්ම සහිත LFT දත්ත ජාතික වශයෙන් සහ සහ state/territory මට්ටමෙන් ලබා ගන්න පුළුවන්. මේත් සමග ප්‍රවණතා ගණනය කරන ආකාරය පැහැදිලි කරන ආධාරක ක්‍රමවේද පත්‍රිකාවක් ද ලැබෙනවා. ඔයාට මේ පහළ තියන link එකෙන් ගිහින් සියලුම Labour Force Trending දත්ත download කරගන්න පුළුවන්.