අලුතෙන්ම නිකුත් කරපු, රැකියා වෙළදපොළේ පුදුම හිතෙන වෙනස්කම්

  • Home
  • /
  • Blog
  • /
  • අලුතෙන්ම නිකුත් කරපු, රැකියා වෙළදපොළේ පුදුම හිතෙන වෙනස්කම්

නවතම ශ්‍රම බලකා ප්‍රවණතා (Labour Force Trending – LFT) දත්ත නිකුත් කර ඇති අතර, මෙය ඕස්ට්‍රේලියාවේ රැකියා වෙළදපොළ පරිණාමය වන ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දෙනවා.

2025 මැයි මාසයේ නව දත්ත මගින් විවිධ කර්මාන්ත හා වෘත්තීන් හරහා රැකියා වෙළඳපොළේ සිදුවන වෙනස්කම් පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගන්න පුළුවන්. මෙම වාර්තා ඉදිරිපත් කර ඇත්තේ පසුගිය වසර, වසර 5 සහ දශකය තුළ පවා ප්‍රවණතා නිරීක්ෂණය කිරීම තුලින්.

Internet Vacancy Index (අන්තර්ජාල පුරප්පාඩු දර්ශකය) සහ Employment Projections (රැකියා ප්‍රක්ෂේපණ) වැනි අනෙකුත් ප්‍රධාන මූලාශ්‍ර සමග එක්ව ගත් විට ඉහළ රැකියා ඉල්ලුමක් පවතින ස්ථාන සහ ඉදිරියේදී ඇති වන රැකියා ප්‍රවණතා ගැන ද නිවැරදි පුරෝකථනයක් සිදු කරන්න පුළුවන්. මේක ව්‍යාපාර වලට, ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහ පර්යේෂකයන්ට ඍජුවම උදව් වෙනවා.

මෙම නිකුතුවේ සමහර කැපී පෙනෙන ප්‍රවණතා අතර, Health Care and Social Assistance සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනවා. එහි රැකියා අවස්ථා 5.1% කින් වර්ධනය වනවා වගේම රැකියා 115,200 ක් අලුතින් එකතු වෙනවා. Technicians සහ Trades Workers කියන්නේ මෙරට ශ්‍රම බලකායේ ප්‍රධානතම පිරිසක්. ඕස්ට්‍රේලියානුවන් මිලියන 2 කට ආසන්න සංඛ්‍යාවක් (සියලුම සේවකයින්ගෙන් 14%) මෙම රැකියාවන්හි නිරත වී සිටිනවා.

පසුගිය වසර තුළ නිර්මාණය කරන ලද නව රැකියා වලින් අඩක් පමණ සාමාන්‍යයෙන් VET සුදුසුකම් (VET qualification) හෝ ඒ හා සමාන අත්දැකීම් අවශ්‍ය වන වෘත්තීන් වූ අතර, ඒවා ප්‍රායෝගික හා කුසලතා මත පදනම් වූ අධ්‍යාපනයේ වර්ධනය වන වටිනාකමක් පෙන්වනවා.

ඔබ රැකියා ප්‍රතිපත්ති නිර්මාණය කරන කෙනෙක්නම්, අලුතින් සේවකයින් බඳවා ගන්න කෙනෙක් නම් හෝ කර්මාන්ත වෙනස්කම් පිළිබඳව පර්යේෂණ කරන්නේ නම්, මේ අලුතෙන්ම නිකුත් කරන ලද මැයි මාසයේ LFT දත්ත අද වන විට මෙරට තුළ රැකියා වෙළඳපොළ ගැන ඔබට පැහැදිලි අවබෝධයක් ලබා දේවි. ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා සුදුසු ක්ෂේත්‍රයක් තෝරාගැනීමට සිතන කෙනෙක්ට උනත් මේක ලොකු උදව්වක් වෙනවා.

මේ ප්‍රවණතා හැම දෙයක්ම සහිත LFT දත්ත ජාතික වශයෙන් සහ සහ state/territory මට්ටමෙන් ලබා ගන්න පුළුවන්. මේත් සමග ප්‍රවණතා ගණනය කරන ආකාරය පැහැදිලි කරන ආධාරක ක්‍රමවේද පත්‍රිකාවක් ද ලැබෙනවා. ඔයාට මේ පහළ තියන link එකෙන් ගිහින් සියලුම Labour Force Trending දත්ත download කරගන්න පුළුවන්. 

https://www.jobsandskills.gov.au/data/labour-force-trending

Don't forget to share this post!

Recent Posts

licensed-image (2)
July 3, 2025