මෙහෙමත් Preschools තියනවා කියලා දැනගෙන හිටියද?

  • Home
  • /
  • Blog
  • /
  • මෙහෙමත් Preschools තියනවා කියලා දැනගෙන හිටියද?

Kindergarten යන ඔබේ දරුවා මොනවද ඉගෙන ගන්නේ කියන එක අපි කලින් කතා කළා. අද අපි බලමු මොනවද තියන පෙර පාසල් වර්ග කියන එක සහ අනෙක් දේවල්.

දරුවන්ට පෙර පාසලට යා හැක්කේ කුමන වයසකදී ද?  

සාමාන්‍යයෙන්, දරුවන්ට වයස අවුරුදු 4 දී හෝ ඔවුන්ට වයස අවුරුදු 4 සම්පූර්ණ වන වර්ෂයේදී පෙර පාසලට යන්න පුළුවන්. ඇතැම් states සහ territories වල සමහර පෙර පාසල් අවුරුදු 3 ක දරුවන් සඳහා ද අදාළ වැඩසටහන් කරනවා.

දරුවන්ට යාමට සුදුසු පෙර පාසලක් සොයා ගන්නේ කොහොමද?

ඔබට සුදුසු පෙර පාසලක් ගැන මිතුරන්ගෙන්, අසල්වැසියන්ගෙන් හෝ ඔබේ child and family health nurse ගෙන් විමසලා ඔයාට අවට තියන සුදුසු පෙර පාසලක් සොයා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබේ ප්‍රදේශයේ පෙර පාසල් ලැයිස්තුවක් ලබා ගැනීම්ට ඔබට ඔබේ local council හෝ state හෝ territory එකට අදාළ education department (දුරකථනයෙන් හෝ එහි වෙබ් අඩවිය හරහා) සම්බන්ධ කර ගන්නත් පුළුවන්.

සමහර විට ළමයින්ට පෙර පාසලට යා නොහැකි වෙන්න පුළුවන්. එහෙම අවස්ථා වලදී ඔබේ දරුවාගේ ඉගෙනීමට සහ සංවර්ධනයට නිවසේදී සහාය වෙන්න කටයුතු කරන්න. පෙර පාසලේදී ඔවුන් කරන ක්‍රියාකාරකම් වලට සමාන ක්‍රීඩා ක්‍රියාකාරකම් කිරීමට ඔබට ඔබේ දරුවාට සහය විය හැකියි. උදාහරණයක් ලෙස, කාඩ්බෝඩ් පෙට්ටි සමඟ සෙල්ලම් කිරීම, collage එකක් සෑදීම සහ කියවීම.

ඕස්ට්‍රේලියාවේ විවිධ ආකාරයේ පෙර පාසල් වැඩසටහන් සහ ළදරු පාසල් තිබෙනවා. සියලුම පෙර පාසල් වැඩසටහන් සුදුසුකම් ලත් ගුරුවරුන් විසින් මෙහෙයවනවා.

Sessional preschools – මේවා දිනකට පැය 2½ සිට 7 ත් අතර කාලයක් දක්වා පැවැත්වෙන අතර සතියකට දින 2, 3 හෝ 5 දක්වා කෙරෙන වැඩසටහන් තිබෙනවා.

Long day care programs – සමහර දිගු දිවා සුරැකුම් මධ්‍යස්ථාන පෙර පාසල් වැඩසටහන් ඒ සමගම ලබා දෙනවා.

Steiner, Montessori and Reggio Emilia inspired preschools – මේවා දරුවන්ගේ ඉගෙනීම පිළිබඳ අනන්‍ය දර්ශනයන් මත පදනම් වූ වැඩසටහන්. වැඩසටහනේ ආකෘතිය සහ සිදු කෙරෙන පැය ගණන එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්.

3-year-old groups – මෙම වැඩසටහන් වලට kindergarten එකක හෝ preschool එකක සුදුසුකම් ලත් ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලබන කණ්ඩායමක් ඇතුළත් විය හැකියි.

බොහෝ පෙර පාසල් ක්‍රියාත්මක වන්නේ ඒ වෙනුවෙන්ම ඉදිකරන ලද පහසුකම් සහිත ස්ථාන වල. නමුත් සමහර අවස්ථා වල ඒවා ජංගම හෝ මාර්ගගතව ද පැවැත්විය හැකියි. පෙර පාසල් වැඩසටහන් ස්වේච්ඡා දෙමාපිය කමිටුවක්, පළාත් පාලන ආයතනයක්, රාජ්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුවක්, ස්වාධීන පාසලක් හෝ පෞද්ගලික සමාගමක් විසින් කළමනාකරණය කෙරෙනවා.

විශේෂයෙන් දරුවන් පාසල් ආරම්භ කිරීමට පෙර වසර තුළ, දරුවන්ට මුල් ළමාවිය අධ්‍යාපනයට ප්‍රවේශ වන බව සහතික කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් සියලුම states සහ territories වලට අරමුදල් ද සැපයනවා.

Don't forget to share this post!

Recent Posts

licensed-image (2)
July 3, 2025