ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් අවධානය යොමු කර ඇත්තේ, ශ්‍රී ලංකාව අනුගතව ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility) යටතේ ඇති කාර්යයන්ට අදාළව, සිදුවූ බැඳීම් කඩකිරීමක් හා නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන්ය.
මූල්‍ය අරමුදලේ වාර්තාවලින් අනාවරණය වන්නේ, මෙම නිරවද්‍ය නොවන තොරතුරු සැපයීම් ශ්‍රී ලංකා බලධාරීන් විසින් චේතනාන්විතව සිදුකරනු ලැබූවක් නොවන බවය. ඒ අනුව, IMF තීරණය කර ඇත්තේ එම කරුණු සම්බන්ධයෙන් තවත් ක්‍රියාමාර්ග ගැනීමක් අවශ්‍ය නොවන බවයි.
මෙම තීරණය IMF විධායක මණ්ඩලයේ පසුගිය සාකච්ඡාවේදී ගත් බවත්, එය නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා වන කෙන්ජි ඔකමුරා මහතා විසින් නිකුත් කළ නිල ප්‍රකාශයකින් තහවුරු වුණි.
“විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ 2023 වසරේ දී ශ්‍රී ලංකාව විසින් සිදුකර ඇති විස්තීර්ණ විධිවිධානවලට අනුකූල නොවන මිලදී ගැනීම් මෙන්ම, VIII වගන්තියේ 5 වන උප වගන්තිය යටතේ සිදු වූ බැඳීම් කඩ කිරීමක් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සමාලෝචනය කරන ලදී.
“විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ පළමු, දෙවන සහ තෙවන සමාලෝචනවල දී හිඟ වියදම් පිළිබඳව බලධාරීන් විසින් ලබා දෙන ලද නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමේ ප්‍රතිඵලයක් ලෙස අනුකූල නොවන මිලදී ගැනීම් සිදුවිය.ජා.මූ. අරමුදල වෙත නිරවද්‍ය නොවන තොරතුරු ලබාදීම චේතනාන්විතව සිදු වී නොමැති අතර, රේඛීය අමාත්‍යාංශ විසින් මුදල් අමාත්‍යාංශයට හිඟ මුදල් කාලෝචිත ලෙස වාර්තාකිරීමේ දුර්වලතා මෙන්ම තාක්ෂණික අවබෝධතා ගිවිසුම යටතේ ‘හිඟ මුදල්’ යන්නෙහි අර්ථ දැක්වීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් වැරදි අවබෝධයකින් සිටීම මේ සඳහා හේතු විය.පවතින රාජ්‍ය මූල්‍ය රාමුව තුළ හිඟ මුදල් ආපසු ගෙවීම සිදුකිරීම හරහා බලධාරීන් විසින් ගනු ලැබූ නිවැරදි කිරීමේ පියවර මෙන්ම ඉදිරියේ දී හිඟ මුදල් එකතු වීමේ හෝ තොරතුරු නිරවද්‍ය නොවන ලෙස වාර්තා කිරීමේ අවදානම අවම කිරීම සඳහා නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතියට අනුකූලව, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රියාපටිපාටි වැඩිදියුණු කිරීම සඳහා වන බලධාරීන්ගේ කැපවීම පිළිබඳව විධායක මණ්ඩලය විසින් ධනාත්මකව සලකා බලන ලදී. ඒ අනුව අනුකූල නොවන මිලදී ගැනීම්වලට හේතු වූ ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක නොපිළිපැදීම වෙනුවෙන් සහන ලබාදීමට විධායක මණ්ඩලය එකඟ වූ අතර, VIII වගන්තියේ 5 වන උප වගන්තිය යටතේ බැඳීම් කඩ කිරීම සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කළේය” ඔකමුරා මහතා නිකුත් කළ ප්‍රකාශයේ දැක්වේ.