ලංකාවේ Birth Certificate එක ගෙදරටම ගෙන්න ගමු

  • Home
  • /
  • Blog
  • /
  • ලංකාවේ Birth Certificate එක ගෙදරටම ගෙන්න ගමු

ලංකාවෙන් පිටතදී ඉපදුනු ඔබේ දරුවාගේ උපත සහ පුරවැසි බව ඕස්ට්‍රේලියාවේ සිට ලියාපදිංචි කරන ආකාරය ගැන තමයි අපි මේ කතා කරන්නේ. මේ සඳහා අයදුම් කරන්න ඕන විදිහ සහ අවශ්‍ය අයදුම්පත් download කරගන්න විදිහ ගැන අපි පසුගිය සතියේ කතා කළා. 

අද කියන්න හදන්නේ,

  • Birth Certificate එකට අවශ්‍ය Supporting Documents මොනවද?
  • Payment එක කරන්නේ කොහොමද?
  • හදාගත්ත Birth Certificate එක අරගන්නේ කොහොමද? කියන දේවල් ගැන.

Birth Certificate එකට අවශ්‍ය Supporting Documents මොනවද?

හැම supporting document එකක් එක්කම, original document සහ එහි ඡායා පිටපත් කට්ටලයක් ඉදිරිපත් කළ යුතුයි. සියලුම ඡායා පිටපත් A4 ප්‍රමාණයෙන් ඉදිරිපත් කළ යුතුයි. අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේ ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවේ නම්, දරුවාගේ උපතේදී ඔබගේ වීසා තත්ත්වය හෝ පුරවැසිභාවය සනාථ කිරීමට අදාළ ලේඛන ඉදිරිපත් කළ යුතුයි.

මේ සඳහා අවශ්‍ය සියලුම Supporting Documents list එකක් ඔයාට කොන්සල් ජනරාල් website එකට ගියොත් හරියටම බලාගන්න පුළුවන්.

Payment එක කරන්නේ කොහොමද?

මේ සඳහා ඔබ ගෙවිය යුතු මුදල් ඔබේ අවශ්‍යතාව සහ අවස්ථාව අනුව වෙනස් වෙනවා. ඒ ඒ අවස්තාවන්ගේ ගෙවිය යුතු මුදල හරියටම බලාගන්න කොන්සල් ජනරාල් website එකට යන්න. අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී මේ ගෙවීම් කළ යුතුයි. ලැබෙන රිසිට්පත ළඟ තබා ගන්න.

අයදුම්පත කවුන්ටරයට ඉදිරිපත් කරනවා නම්, Debit Cards මගින් ගෙවිය යුතයි. අයදුම්පත තැපෑලෙන් ඉදිරිපත් කරන්නේ නම්, “Consulate General of Sri Lanka in Melbourne” ලෙස සටහන් කරන ලද තැපැල් මුදල් ඇණවුමක් (ඕස්ට්‍රේලියානු තැපැල්) මගින් එවිය යුතුයි. ඔබගේ අයදුම්පත සැකසූ පසු රිසිට්පතේ ස්කෑන් කරන ලද පිටපත ඔබට email එකක් මගින් ලැබෙනවා.

හදාගත්ත Birth Certificate එක අරගන්නේ කොහොමද?

කලින් කිව්වා වගේ කොන්සල් ජනරාල් කාර්යාලයේ counter එකට ඉදිරිපත් කරන, වයස අවුරුදු එක (1) ට අඩු ළමුන්ගේ අයදුම්පත් සඳහා පමණක්, එදිනම උප්පැන්න සහතිකය නිකුත් කරනවා. අනෙකුත් ක්‍රම වලට ඉදිරිපත් කරන අයදුම්පත් මගින් උප්පැන්න සහතිකය ලබා ගැනීම සඳහා, ඕනෑම වැඩ කරන දිනයක පෙ.ව. 9:15 – 9:30 හෝ ප.ව. 1:30 – 1:45 අතර වෙලාවක කාර්යාලයට ගොස් එය ලබා ගත හැකියි.

ඔබේ දරුවාගේ උප්පැන්න සහතිකය තැපෑලෙන් ලබා ගැනීමට ඔබ කැමති නම්, ඔබගේ තහවුරු කිරීම ලැබුණු පසු, මුද්‍රිත උප්පැන්න සහතිකය අයදුම්පතේ දක්වා ඇති ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ඔබ වෙත එවනු ලබන අතර tracking number එක ඔබට e-mail එකක් මගින් ලැබෙනවා.

වැඩි විස්තර සඳහා, ශ්‍රී ලංකාවේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව අමතන්න. Birth Certificate එකේ වෙනසක් කරගන්න අවශ්‍යනම් ඒක කරගන්නේ කොහොමද?, සහ Birth Certificate එකේ පිටපතක් ලබාගන්නේ කොහොමද? කියන දේවල් ගැන ඉදිරි සතියේ කතා කරමු.

Registrar General’s Department, Sri Lanka: http://www.rgd.gov.lk/web/index.php/en/ 

අදාළ අයදුම්පත් සහ උපදෙස් download කර ගැනීමට: https://www.slcgmel.org/registration-of-birth-outside-sri-lanka/ 

Don't forget to share this post!

Recent Posts

16937252_Michael-Madsen-clean-AP-TN-img
July 4, 2025