හොලිවුඩය කම්පා කර සමුගත් සුපිරි නළුවා

  • Home
  • /
  • Blog
  • /
  • හොලිවුඩය කම්පා කර සමුගත් සුපිරි නළුවා

හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ Michael Madsen ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිය යන විට ඔහු 66 වන වියේ පසුවිය. ඔහුගේ සිරුර හමු වී ඇත්තේ ඊයේ උදෑසන (ජූලි 03) කැලිෆෝනියාවේ මැලිබු ප්‍රදේශයේ ඔහුගේ පෞද්ගලික නිවසේදිය. සිරුර සොයා ගැනීමෙන් පසු සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ, හදිසි හෘදයාබාධයකින් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

මැඩ්සන්ගේ රංගන ජීවිතය ආරම්භ වන්නේ 1980 දශකයේ මුල් භාගයේදී වන අතර, ඔහු සම්මාන 300කට වැඩි ගණනක් හිමිකරගෙන ඇති විශිෂ්ට කලාකරුවෙක්. ඔහුගේ වඩාත් මතක රඳෙන චරිතයන් දැක්වූ චිත්‍රපට අතර Kill Bill සහ The Hateful Eight ආදිය ප්‍රමුඛ වේ. මෙම අභාවය හොලිවුඩ් කලා ලෝකයම ශෝකයකට පත්කර තිබේ.

 

 

Image credit goes to by : https://youtu.be/mLogcgaZ9i8?si=NimDBRsCX6jpAIT7

Don't forget to share this post!

Recent Posts

786
February 20, 2026