Travel කරන ගමන් ඉගෙන ගන්න

  • Home
  • /
  • Blog
  • /
  • Travel කරන ගමන් ඉගෙන ගන්න

කලින් articles වලින් Australian Capital Territory (Canberra), New South Wales (Sydney), Northern Territory (Darwin) කියන ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර උසස් අධ්‍යාපනය හදාරන්න හිතන් ඉන්න ඔයාට වැදගත් වෙන්නේ කොහොමද කියන එක කතා කළා. අද අපි කියන්න හදන්නේ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනයට සූදානම් වන ඔයා Queensland සහ එහි ප්‍රධාන නගරය වන Brisbane ගැන වගේම එහි අධ්‍යාපනික පරිසරය ගැන දැනගන්න අවශ්‍ය දේවල්. මේ දේවල් උසස් අධ්‍යාපනය සඳහා සුදුසු විශ්වවිද්‍යාලයක් තෝරාගන්න ඔයාට උදව් වෙයි. 

ක්වීන්ස්ලන්තය යනු ඉතා සුන්දර පරිසරයක් සහිත ප්‍රදේශයක්. ඔයාටත් Queensland හි ප්‍රධාන නගරයක, වෙරළබඩ නගරයක හෝ රට තුළට වෙන්නට පිහිටි ප්‍රදේශයක පවා ඉගෙනීමට වගේම ජීවත් වෙන්නත් පුළුවන්.

Queensland පුරා විශ්වවිද්‍යාල 10 ක් සහ මණ්ඩප 32ක් වගේම පෞද්ගලික ලියාපදිංචි පුහුණු සංවිධාන 100 කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. Queensland හි  Brisbane සහ Gold Coast යන නගර දෙකම QS Best Student Cities (2025) ශ්‍රේණිගත කිරීමේ හොඳම නගර 100 අතරට පැමිණ තිබෙනවා.

ඒ නිසාම මේ ක්වීන්ස්ලන්තය රටවල් 158 කට අධික සංඛ්‍යාවකින් පැමිණි ජාත්‍යන්තර සිසුන් 73,000 කගේ නිවහනයි. ඕස්ට්‍රේලියාවේ හොඳම විශ්ව විද්‍යාල වලින් කිහිපයක් ම Queensland හි පිහිටා තිබෙනවා. මේවා අතර Griffith University, University of Queensland සහ Queensland University of Technology ප්‍රධාන වෙනවා. මෙම විශ්ව විද්‍යාල පුළුල් පරාසයක පාඨමාලා පිරිනැමෙනවා.

ක්වීන්ස්ලන්තයේ අද්විතීය හා විවිධත්වයෙන් යුත් භූ පිහිටීම නිසාම, ඒ හා සම්බන්ධ විෂය ක්ෂේත්‍ර ගණනාවක් සඳහා මෙම විශ්වවිද්‍යාල සුවිශේෂත්වයක් ගන්නවා.

  • Marine Science (සමුද්‍ර විද්‍යාව)
  • Ecotourism (පරිසර සංචාරක ව්‍යාපාරය)
  • Agribusiness (කෘෂි ව්‍යාපාර)
  • Tropical Health and Medicine (නිවර්තන සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යාව)
  • Biological Science (ජීව විද්‍යාව)
  • Built Environment (නිර්මාණය කරන ලද පරිසරය)

Queensland හි ප්‍රධාන කර්මාන්ත:

  • Education and Training (අධ්‍යාපනය සහ පුහුණුව)
  • Energy and Resources (බලශක්තිය සහ සම්පත්)
  • Financial and Professional Services (මූල්‍ය සහ වෘත්තීය සේවා)
  • Food and Agribusiness (ආහාර සහ කෘෂි ව්‍යාපාර)
  • Health and Biomedical (සෞඛ්‍ය සහ ජෛව වෛද්‍ය)
  • Tourism and Hospitality (සංචාරක සහ ආගන්තුක සත්කාරය)
  • Urban Development and Infrastructure (නාගරික සංවර්ධනය සහ යටිතල පහසුකම්)

සංචාරයේ යෙදීමට කැමති කෙනෙක්ට හොඳම ප්‍රදේශයක් තමයි මේ Queensland. මෙහි අධ්‍යාපනයට අවොත් ඔබට, නිවාඩු දිනයන් වල  K’gari (Fraser Island) හි සුදු වැලි සහිත කලපුවල පිහිනීමට, මහා බාධක පරයේ කිමිදීමට, Springbrook ජාතික වනෝද්‍යානයේ දිය ඇලි නැරඹීමට හෝ Coolangatta හි සැරිසැරීමටත් පුළුවන්.

බ්‍රිස්බේන් සිට උතුරට යන විට ඔබට Sunshine Coast හමුවෙයි. උතුරට, Rockhampton, Mackay සහ Whitsunday, Townsville සහ Cairns යන සියලුම වෙරළ තීරයන් 2,300km ක් දිගට විහිදෙන මහා බාධක පරය මගින් සම්බන්ධ වෙනවා. මෙම කලාප සියල්ලම ඔබට වෙනස්ම ජීවන රටාවක් හුරු කරාවි.

Brisbane කියන්නේ QS Best Student Cities 2023 ශ්‍රේණිගත කිරීමට අනුව, ගෝලීය වශයෙන් හොඳම ශිෂ්‍ය නගර 30 අතරට එක වුනු නගරයක්. මෙම උණුසුම් කාලගුණයක් සහ සැහැල්ලු ජීවන රටාවක් සහිත සුන්දර විශ්වීය නගරය තුළ සිසුන් 100,000 කට ආසන්න සංඛ්‍යාවක් සිය අධ්‍යාපනය හදාරනවා.

Brisbane හි ජීවත් වන ජනගහනය මිලියන 2.5 කට වඩා වැඩියි. ජනගහනය සහ රැකියා නියුක්තිය අනුව බ්‍රිස්බේන් යනු ඕස්ට්‍රේලියාවේ වේගයෙන්ම වර්ධනය වන අගනගරවලින් එකක්. ඒ වගේම බ්‍රිස්බේන් යනු ගෝලීය නගරයක් වන අතර ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ව්‍යාපාරික මධ්‍යස්ථානයක්. කලා හා විනෝදාස්වාදය සම්බන්ධයෙන් Brisbane නගරය සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙනවා. වසර පුරා විවිධ ප්‍රසංග, කලා ප්‍රදර්ශන සහ නාට්‍ය නිෂ්පාදන ඉදිරිපත් කෙරෙනවා.

ඉතින් සුන්දර වගේම සැහැල්ලු ජීවිතයක් ගත කරන ගමන් උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වෙන ඔයාට Brisbane කියන්නේ හොඳම නගරයක්. 

Don't forget to share this post!

Recent Posts

dansal - 01
July 7, 2025