ලෝක ප්‍රසිද්ධ Queen Victoria Market එක, එහෙමත් නැත්නම් මෙහෙ අපි හැමෝම දන්නා විදිහට Vic Market එක Melbourne වල තියන අනෙකුත් සාප්පු සංකීර්ණ වලට වඩා සුවිශේෂී ස්ථානයක්. ඒකට හේතුව මේකේ තියන ඓතිහාසික වටිනාකම. ලොව වටා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් local shopping institution එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.
මේ අති විශාල සජීවී වෙළඳ හා වාණිජ මධ්‍යස්ථානය 1878 මාර්තු 20 වන දින තමයි නිල වශයෙන් විවෘත කරලා තියෙන්නේ. එදා ඉදන් අද වෙනකන් මේක අවුරුදු 140 කට වැඩි කාලයක් පාරිභෝගික අවශ්‍යතා සපුරා සපුරමින් අදටත් බොහෝ දෙනා අතර ජනප්‍රිය ස්ථානයක් විදිහට පවතිනවා.
මේ Queen Victoria Market එක Melbourne වල තියන සංස්කෘතික විවිධත්වයත් හරි ලස්සනට පෙන්වනවා. හෙක්ටයාර 7 ක් පුරා කොටස් කිහිපයකින් පැතිරී ඇති Vic Market එක පෘථිවි දකුණු අර්ධගෝලයේ විශාලතම එළිමහන් වෙළඳපොළයි (open-air market).
මස්, මාළු සහ කිරි නිෂ්පාදන ශාලා හරහා ඇවිද යන ඔබට, එහිදී artisan cheeses, dressed meats සහ තවත් බොහෝ ආහාර වර්ග රස බැලිය හැකියි. එහෙමත් නැත්නම්, හොඳම ඕස්ට්‍රේලියානු පලතුරු සහ එළවළු ඇති තරම් මිලදී ගන්නත් පුළුවන්. ඇඳුම් පැළඳුම්, ආභරණ, අත්කම්, ගෘහ භාණ්ඩ සහ සිහිවටන/ තෑගි භාණ්ඩ ආදී බොහෝ දේ මේ සාප්පු අතර ඇවිද යන ඔබට මුණ ගැසේවි.
Queen Victoria Market 2018 මාර්තු මාසයේදී උරුම ලැයිස්තුවට ද ඇතුළත් කෙරුණා (heritage listed). මෙම වෙළඳපොළ නිරන්තරයෙන් ප්‍රතිසංස්කරණය කරමින්, අලුත්වැඩියාවන් කරමින් ඉතා අනර්ග තත්වයෙන් අදටත් පවත්වාගෙන යනවා.
මෙය සතියකට දින පහක් විවෘතයි. ඒ අතර බදාදා රාත්‍රියේ සහ ඉරිදා මෙහෙ එන ඔයාට තරමක් සැණකෙළි වාතාවරණයක් දැකගන්නත් පුළුවන් වේවි. ඉතින් ඒකත් වෙනස්ම අත්දැකීමක්. මෙම වෙළඳපොළේ සුවිශේෂී ආහාර, ඓතිහාසික උරුමය, ඉතිහාසය, සංස්කෘතිය, විඳින ගමන් සම්පූර්ණ shopping experience එකකට ඔයාට Guided tour එකක් ලබාගන්නත් පුළුවන්.
ඉතින් ඔබත් මේ ලෝක ප්‍රසිද්ධ Queen Victoria Market එකට යන්න හිතනවානම් මේ දේවලුත් ඔයාට උදව් වෙයි.
වාහන නැවැත්වීම සඳහා ඔයාට Multi-Level Undercover Car Park සහ Open Air Car Park එක භාවිත කරන්න පුළුවන්.
Multi-Level Undercover Car Park
මෙම Multi-Level Undercover Car Park එක සතියේ දින හතේම පැය 24 පුරාම විවෘතව පවතිනවා. මෙය levels 4ක් පුරා විහිදී ඇති අතර, ආබාධ සහිත අමුත්තන් සඳහා ප්‍රවේශ විය හැකි ස්ථාන 10 ක්, prams තිබෙන දෙමාපියන් සඳහා ඉඩකඩ 6 ක් සහ electric vehicles නවත්වන්න charging stations සහිත ඉඩ කඩකුත් වෙන් කරලා තිබෙනවා. මෙලෙස සියලුම car spaces 506 ක් මෙහි තිබෙනවා. මෙම රථගාලට ඇතුළුවිය හැකි වාහනයක උපරිම උස 2.2m ක් පමණයි.
Open Air Car Park
Open Air Car Park සතියේ දින හතේම පෙ.ව. 5 සිට ප.ව. 7 දක්වා විවෘතව පවතිනවා. ඒ වගේම Night Market season වලදී, Open Air Car Park එක ප.ව. 4.30 සිට රාත්‍රී 11 දක්වා විවෘතයි. මෙහිත් ආබාධ සහිත අමුත්තන්, ජ්‍යේෂ්ඨ පුරවැසියන් සහ prams සහිත දෙමව්පියන් සඳහා වෙන් වුණු ස්ථාන ද ඇතුලත්ව car spaces සිය ගණනක් තිබෙනවා. මෙම රථගාලට ඇතුළුවීම සඳහා උපරිම උසක් නැහැ.
Tram
වෙළඳපොළ free tram zone එක තුළ තමයි පිහිටා තිබෙන්නේ. ඔබට 19, 57 හෝ 59 සිට Stop 7, Elizabeth St දක්වා හෝ Tram 58 සිට Stop 9, Peel St දක්වා යන්න පුළුවන්.
Bike
වෙළඳපොළ තුළ සහ ඒ අවට නොමිලේ බයිසිකල් නැවැත්වීමේ පහසුකම් තිබෙනවා. වෙළඳපොළ වෙත ප්‍රධාන බයිසිකල් මංතීරු Royal Parade සහ Victoria Street ඔස්සේ දිවෙනවා.