හොඳ තත්ත්වයේ apps, games, TV, movies සහ online videos පෙර පාසල් දරුවන්ගේ සංවර්ධනය සඳහා උදව් වෙනවා. ඒ නිසා, Kindergarten යන වයසේ දරුවන්ට ගැලපෙන හොඳ තත්වයේ Digital Media තෝරාගන්නේ කොහොමද කියල බලමු.
දරුවා මෙම Digital Media භාවිත කරන ආකාරය සහ ඉගෙනගන්න දේවල් දෙස බැලීමෙන් ඔබට එහි ගුණාත්මකභාවය පරීක්ෂා කරන්න පුළුවන්. ප්‍රචණ්ඩත්වය, නරක ආකල්ප සහ පෙළඹවීම්, සූදුව සහ සමාජ විරෝධී තේමාවන් සහිත apps, games, TV, movies සහ online videos වෙතින් ඈත් කර තැබීම පෙර පාසල් දරුවන්ට වඩාත් සුදුසුයි.
Screen time එකේ quality එක වැදගත් වන්නේ ඇයි?
හොඳ තත්ත්වයේ apps, games, TV, movies සහ online videos ඔබේ දරුවාගේ ඉගෙනීම, හැසිරීම සහ යහපැවැත්ම ඇතුළුව දරුවාගේ සංවර්ධනයේ බොහෝ අංශ සඳහා හොඳ බලපෑමක් ඇති කරනවා. ඒවා භෞතික ක්‍රීඩා, නිර්මාණාත්මක ක්‍රීඩා, කියවීම සහ සමාජයට හුරු කිරීම වැනි අනෙකුත් ක්‍රියාකාරකම් සමඟ සමතුලිත වූ විට, හොඳ තත්ත්වයේ මාධ්‍යවලින් වඩා හොඳ ප්‍රතිලාභ ලැබෙනවා.
සෙල්ලම් බඩු සඳහා වූ වෙළඳ දැන්වීම් හෝ සෞඛ්‍යයට අහිතකර ක්ෂණික ආහාර ඇතුළත් දැන්වීම් ආදිය නැරඹීමට කාලය ගත කිරීමෙන් දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ ඉතා අඩු මට්ටමක පවතිනවා. එම නිසා දරුවන් digital මාධ්‍යය භාවිතා කරන විට ඒවායේ ගුණාත්මක භාවය ගැන වැඩි අවධානයක් ලබා දිය යුතුයි.
දරුවා නරඹන apps, games, TV, movies සහ online videos ආදිය හොඳ තත්ත්වයේ දැයි දැනගන්නේ කොහොමද?
apps, games, TV, movies හෝ YouTube Kids videos වැනි online videos හොඳ තත්ත්වයේ තිබෙනවාද කියන දී දැනගන්න පහත කාරණා ගැන අවධානයෙන් ඉන්න.
- දරුවා ඒවා සමඟ සම්බන්ධ වන ආකාරය නිරීක්ෂණය කරන්න
- ඒවා දරුවාට ඉගෙන ගැනීමට සහ සංවර්ධනය වීමට උදව් කරනවාද නැද්ද යන්න සලකා බලන්න
- ඒ මගින් දරුවාට ලබා දෙන පණිවිඩය කුමක්ද කියන දේ ගැන අවධානය දෙන්න
- දරුවා භාවිත කරන apps, games ආදියේ settings දරුවාට සුදුසු ලෙස සකස් කරන්න
app, game, TV show, movie හෝ YouTube Kids video එකක් තෝරා ගැනීමේදී හොඳ තේරීමක් කරන ආකාරය ගැන ඔබට දරුවා සමග කතා කරන්න පුළුවන්. මෙය ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමේදී ගුණාත්මක තේරීම් කිරීම ගැන ඉගෙන ගැනීමට කුඩා වයසේ සිටම දරුවන්ව හුරු කරනවා.