ඕස්ට්‍රේලියාවේ සියලුම Visa වර්ග

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ සියලුම Visa වර්ග

ඔබ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කෙනෙක් වුනත් පැමිණීමට බලාපොරොත්තු වෙන කෙනෙක් වුණත් විවිධ visa වර්ග ගැන දැන සිටීම ඉතා වැදගත්. ඔබගේ අවශ්‍යතාවලට ගැලපෙන ආකාරයට විවිධ වීසා වර්ග ඔබට ලබා ගන්න පුළුවන්. අද අපි ඕස්ට්‍රේලියාවේ වීසා වර්ග මොනවද කියලා දැනගමු.

Visit and Tourism

නිවාඩු ගත කිරීම සඳහා, පවුලේ අයෙකු මුණ ගැසීම සඳහා, සහ විශේෂ උත්සවයකට හෝ සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා වැනි විවිධ පෞද්ගලික අවශ්‍යතා සඳහා ඔබට මෙම Visit and Tourism visa ලබා ගන්න පුළුවන්. 

Study 

පූර්ණ කාලින අධ්‍යයන කටයුතු සඳහා, වෘතීමය පුහුණුවක් හෝ ශිෂ්‍යයෙකුගේ භාරකරු ලෙස කැටුව යාමට වැනි අවස්ථා සඳහා මෙම visa ලබා ගත හැකියි.

Work

airlines හෝ non-military ship crew වල සේවකයින් සඳහා, විශේෂ අවස්ථා සඳහා ආරාධනා ලබා පැමිණෙන කලාකරුවන්, ව්‍යාපාරික අවස්ථා වලට සහභාගී වන්නන්, විදේශයන්ගෙන් පැමිණෙන රාජ්‍ය නිලධාරීන් වැනි  විශේෂ රාජකාරි වලට පැමිණෙන්නන් සහ වෘතිකයින්ට මෙම visa වර්ගය ලබා ගත හැක.

Live here permanently

පවුල, රැකියාව, සහ ව්‍යාපාර හෝ ආයෝජන මගින් ස්ථිර පදිංචිකරුවෙකු වීමට මෙම visa සඳහා අයදුම් කළ හැක. 

Join partner or family

සැමියා/බිරිඳ හෝ පවුලේ අයෙකු ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ඇති අයෙක්නම් එවැනි අවස්ථා වලදී visa අයදුම් කළ හැක.

Stay longer in Australia

ඔබ දැනටමත් රට තුළ සිටින අයෙක්නම් තව දුරටත් රට තුළ සිටින කාලය දික් කර ගැනීමට visa අයදුම් කල හැක.

Refugee and humanitarian

සරණාගත සහ මානුෂීය වැඩසටහන යටතේ visa ලබා ගත හැක.

වෙනත් visa 

හිටපු පදිංචිකරුවන්ට, පදිංචිය මාරු කර නැවත පැමිණෙන අයට, වෛද්‍ය ප්‍රතිකාර සඳහා සහ තවත් බොහෝ අවස්ථාවන් සඳහා වෙන් වූ visa වර්ග ලබා ගත හැක.

ස්ථිර පදිංචිය ලබා ගැනීම ඇතුළු වඩාත් වැදගත් visa වර්ග ගැන ඉදිරියේදී වැඩිදුර කතා කරමු. ඕස්ට්‍රේලියාවේ ලබාගත හැකි සියළුම visa ලිස්ට් එක පහළ link එකෙන් ගිහින් බලාගන්න පුළුවන්.

Visa List: https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing

Don't forget to share this post!

Recent Posts

783
February 19, 2026