රට තුළට ගෙන එන්න තහනම් පුදුම කෑම

  • Home
  • /
  • Blog
  • /
  • රට තුළට ගෙන එන්න තහනම් පුදුම කෑම

ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඔස්ට්‍රේලියාවට පිටතින් ගේන්න පුළුවන් මොනවද, බැරි මොනවද කියන එක. ඒ කියන්නේ ඔයා වෙනත් රටක ඉදන් මේ රටට ඇතුල් වෙනකොට ඔයාට අරගෙන එන්න පුළුවන් සහ බැරි දේවල්. 

වෙනත් රටක සිට මෙරට දේශසීමාවට බඩු භාණ්ඩ ගේනවනම් ඔයා දැනගන්න අවශ්‍යයි, සමහර දේවල් වලට අවසර දීල තියනවා, සමහර දේවල් වලට අවසර නැහැ. තවත් සමහරක් දේවල් රට තුළට ගේනවානම් පෙර අවසර පත්‍රයක් ලබා ගැනීම අවශ්‍යයි. තවත් සමහර දේවල් වලට අවසර දීලා තිබුණත්, ඒවාට බලපාන විශේෂ අවවාද, එහෙමත් නැත්නම් කොන්දේසි තිබෙන්න පුළුවන්.

බොහෝ දෙනෙක්ට මෙතැනදී තියන ලොකුම ප්‍රශ්නේ කෑම වර්ග. ඒ නිසාම අපි කලින් කතා කළා මොනවද මේ රටට අරගෙන එන්න පුළුවන් කෑම වර්ග කියල. වෙනත් රටකට සංචාරය කරලා හෝ මුල්ම වතාවට හෝ ඔස්ට්‍රේලියාවට එන අයට නිතරම ගැටළුවක් වෙන මෙරටට ගෙන්න බැරි ආහාර කිහිපයක් ගැන අද කතා කරමු. 

Food from the plane or ship

ඔබට ගුවන් යානයෙන් හෝ නැවෙන් ලැබෙන ආහාර ඕස්ට්‍රේලියාවට ගෙන ඒමට අවසර නැහැ.

Pet food and treats

සත්ව හෝ ශාක අමුද්‍රව්‍ය වලින් සාදන ලද සුරතල් සතුන්ගේ සියලුම වර්ගයේ ආහාර සඳහා ආනයන බලපත්‍රයක් සහ/හෝ නිල පශු වෛද්‍ය සහතිකයක් හෝ නිෂ්පාදකයෙකුගේ ප්‍රකාශයක් අවශ්‍ය වේ. ආනයන බලපත්‍රයක් හෝ ලියකියවිලි අවශ්‍ය නිෂ්පාදන සඳහා උදාහරණ ලෙස rawhide chews, pigs’ ears, biscuits, kibble, canned pet food, jerky strips සහ සුරතල් සතුන් සඳහා වූ ‘chocolate’ drops ඇතුළත් වේ. මෙලෙස වලංගු ආනයන බලපත්‍රයක් නොමැතිව ගෙන එනු ලබන නිෂ්පාදන නැවත අපනයනය හෝ විනාශ කරනු ලැබේ.

Rice

අමු (නොපිසූ) සහල් සඳහා අවසර නොමැති අතර විනාශ කරනු ලැබේ. roasted, parboiled හෝ puffed rice, microwave ready rice pouches, rice flakes සහ rice flour ඇතුළුව, අනෙකුත් සැකසූ සහල් නිෂ්පාදන ගෙන ඒමේදී ආනයන කොන්දේසි සපුරාලිය යුතුය.

Whole eggs for human consumption

ආනයන බලපත්‍රයක් නොමැතිව Whole eggs (සම්පූර්ණ බිත්තර) ඕස්ට්‍රේලියාව තුළට ගෙන ඒමට අවසර නැත.

විශේෂ අවසර අවශ්‍ය අහාර වර්ග ගැන වැඩි විස්තර දැනගන්න BICON වෙබ් අඩවියට පිවිසෙන්න.

https://bicon.agriculture.gov.au/BiconWeb4.0 

Don't forget to share this post!

Recent Posts

783
February 19, 2026