හොඳම කඩේ ගමේ කඩේ

  • Home
  • /
  • Blog
  • /
  • හොඳම කඩේ ගමේ කඩේ

ගමේ රසට කන්න ඕනෙනම් හොඳම බඩු ගන්න ඕනෙත් ගමේ කඩෙන්ම තමයි. ඉතින් brisbane ඉන්න ඔයාට හොඳම “ගමේ කඩේ” ගැන තමයි මේ කියන්නේ. 

2013 දී ආරම්භ කරපු “ගමේ කඩේ” ශ්‍රී ලාංකික රසට කන්න කැමති ඔයාට, ඕනෑම කෑමක් හදන්න අවශ්‍ය කුළුබඩු වර්ග මිලදී ගන්න හොඳම තැනක්. දකුණු ආසියානු රස ගෙනෙන කුළුබඩු සහ සිල්ලර බඩු වලට අමතරව ශ්‍රී ලාංකික නැවුම් ආහාර, ශීත කළ ආහාර වර්ග සහ විවිධ කැවිලි වර්ගත් නිසැකවම ඕස්ට්‍රේලියාවේ සිටින ඔබට ගමේ කඩේ අත්දැකීම ලබා දේවි. ඔබේ ප්‍රියතම ශ්‍රී ලාංකික වෙළඳ නාම රැසක් යටතේ නිෂ්පාදන මෙහිදී මිලදී ගන්න පුළුවන් වගේම delivery service, discounts ආදියද ඔබට ලබා දීමට ඔවුන් සූදානමින් ඉන්නවා.

භාණ්ඩ මිලදී ගන්න එකට අමතරව වෙනත් රටවලට මුදල් යැවීමේ පහසුකමත් ඔබට මෙහිදී ලැබෙනවා. ඒ සඳහා ඔවුන් RIA Financial Services, MoneyGram සහ Western Union වැනි මුදල් හුවමාරු ක්ෂේත්‍රයේ දැවැන්තයන් සමග එක්ව සිටිනවා.

“ගමේ කඩේ” Nexus cargo service එකේ collection point එකක් විදිහටත් වැඩ කරනවා. ඔයාගේ බඩු මෙතනට ගෙනවිත් භාර දීලා application form එක මෙතැනදී fill කරන්න පුළුවන්. ඒ විදිහට මෙතනින් ඔයාට Cargo services ලබා ගන්න පුළුවන්. 

ඔයා කැමතිම Sri Lankan short eat items මිලදී ගන්නත් මෙතන හොඳම තැනක්.  Foodwaves Australia සමග එකතු වෙලා “ගමේ කඩේ” මේ විදිහට සති අන්තයේදී short eat items මිලදී ගන්න අවස්තාව දෙනවා;

  • Fish Buns
  • Chicken Buns
  • Seeni Sambol Buns
  • Fish Rolls
  • Fish Patties
  • Egg Rolls
  • Masala Vade
  • Parippu Vade

ඊට අමතරව, Rice and Curry menus, සාම්බර් සහ චට්නි සමග තොසේ, ඉඳි අප්ප වගේ කෑම වර්ගත් ගමේ කඩේට යන ඔයාට රස බලන්න පුළුවන්. හරියටම Location එක සහ එයාලව Contact කරගන්න විදිහත් පහළින් දාන්නම්. ඉතින් ඔයත් Brisbane ඉන්න කෙනෙක්නම් ගමේ කඩේ අමතක කරන්න එපා.

Location: 21A, Gowrie Street, Mount Gravatt, QLD 4122

Open: Weekdays – 9:00 am to 7:00 pm | Weekend – 9:00 am to 5:30 pm

Call: 07 3162 0758

Whatsapp: 04 302 800 44

Email: sales@gammekade.com.au

Web: https://gammekade.com.au/

Don't forget to share this post!

Recent Posts

783
February 19, 2026