ඕස්ට්‍රේලියානු අධ්‍යාපනයේ ELLA

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියානු අධ්‍යාපනයේ ELLA

Early Learning Languages Australia (ELLA) වැඩසටහන යනු ඩිජිටල්, ක්‍රීඩා පාදක වැඩසටහනක් වන අතර, එය පෙර පාසල් සහ පාසල් මුල් වසරවල කුඩා දරුවන්ට භාෂා ඉගෙනීම, ආකර්ශනීය හා රසවත් කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා  අන්තර්ක්‍රියාකාරී යෙදුම් (apps) මාලාවක් භාවිත වෙනවා.

2014 සිට, ඕස්ට්‍රේලියානු රජය Education Services Australia විසින් සපයනු ලබන මෙම Early Learning Languages Australia (ELLA) වැඩසටහන සඳහා ඩොලර් මිලියන 28.7 කට වඩා ආයෝජනය කර තිබෙනවා.

ELLA වැඩසටහන භාෂා, මුල් ළමාවිය සහ තාක්ෂණය පිළිබඳ විශේෂඥයින්ගේ උපදෙස් පරිදි සංවර්ධනය කර ඇති අතර එය Early Years Learning Framework සහ Australian Curriculum: Foundation සමඟ සමපාත වෙනවා. පසු කාලයේදී විවිධ භාෂා ඉගෙනීමට දරුවන් නැඹුරු කිරීම සඳහා, ක්‍රීඩා පාදක apps භාවිතා කරමින්, මුල් අධ්‍යාපනයේ සිටින කුඩා දරුවන්ට ඉංග්‍රීසි හැර වෙනත් භාෂා හඳුන්වා දෙනවා. මෙම apps පෙර පාසල් පන්ති කාමරවල භාවිතය සඳහා නිර්මාණය කර තිබෙනවා.

පර්යේෂණවලින් පෙනී යන්නේ භාෂා ඉගෙනීම දරුවන්ගේ සමස්ත සාක්ෂරතාවයට හා සාක්ෂරතාවයට අදාළ හැකියාවන් ශක්තිමත් කරන බවයි. ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂාවක් කුඩා දරුවන්ට හඳුන්වා දීමේදී ELLA apps වල සාර්ථකත්වය ස්වාධීන විශ්ලේෂණ ගණනාවකින් පෙන්වා දී තිබෙනවා.

2015 දී ELLA ප්‍රථම වරට අත්හදා බැලූ දා සිට, මෙම වැඩසටහන සෑම වසරකම පුළුල් වෙමින් පවතිනවා. 2022 දී, ඕස්ට්‍රේලියාව පුරා පෙර පාසල් සේවා 4,962 ක ළමුන් 162,000 කට වැඩි පිරිසක් ELLA වැඩසටහනට සහභාගී වූ අතර, ඔවන් ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක් ඉගෙන ගත්තා. මෙලෙස භාෂා 13ක් ඉගැන්වෙනවා. එම භාෂා වන්නේ;

  • Arabic
  • Chinese (Mandarin)
  • French
  • German
  • Hindi
  • Indonesian
  • Italian
  • Japanese
  • Korean
  • Modern Greek
  • Spanish
  • Turkish
  • Vietnamese

Early learning sector එකේ ELLA ව්‍යාපෘතියේ ඇති අඛණ්ඩ වර්ධනය සහ සාර්ථකත්වය නිසාම, Foundation සිට Year 2 දක්වා ළමුන් සමඟ වසර 3ක අත්හදා බැලීමක් සඳහා පාසල්වල ELLA ව්‍යාප්ත කළා. මෙලෙස පාසල් 300 ක පමණ, ආසන්න වශයෙන් සිසුන් 21,000 ක් ELLA F-2 අත්හදා බැලීමට සහභාගී වුණා. මෙහිදී භාෂා ගුරුවරුන් නොමැති ස්ථාන වල පවා ඩිජිටල් තාක්ෂණය හරහා භාෂා ඉගෙනීමේ අවස්ථාව සිසුන්ට ලැබුණා.

ඉතින් ඔබේ දරුවා ELLA සමඟ වෙනත් භාෂාවක් ඉගෙනීමට දැනටමත් යොමුව සිටිනවා වෙන්නත් පුළුවන්. 

Don't forget to share this post!

Recent Posts

783
February 19, 2026