ශ්‍රී ලාංකික කාන්තාවක් වටා ගෙතුණු සම්මානිත ඕස්ට්‍රේලියානු නවකතාවක්

  • Home
  • /
  • Blog
  • /
  • ශ්‍රී ලාංකික කාන්තාවක් වටා ගෙතුණු සම්මානිත ඕස්ට්‍රේලියානු නවකතාවක්

1957 දී ශ්‍රී ලංකාවේ උපත ලැබූ Michelle de Kretser කියන්නේ මේ වන විට ඕස්ට්‍රේලියානු කතුවරියක්. ඇය 1972 දී ඇයට වයස අවුරුදු 14 ක් වන විට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණා. Theory & Practice යනු මෙලෙස Michelle de Kretser විසින් 2024 දී ප්‍රකාශයට පත් කරන ලද නවකතාවක්. 

මෙම කතාව 1986 වර්ෂය පසුබිම් කරගෙන ආරම්භ වන අතර මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ Virginia Woolf පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යයනයක් සිදු කරන ශ්‍රී ලංකාවේ උපන් කාන්තාවක් විසින් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කෙරෙනවා. නව යොවුන් වියේ නවකතාවක් ලෙස විස්තර කර ඇති මෙම පොත, ස්ත්‍රීවාදය, ජාතිය සහ සාහිත්‍ය න්‍යාය සහ භාවිතය අතර ආතතිය යන තේමාවන් ගවේෂණය කරනවා. එය බොහෝ ධනාත්මක සමාලෝචන ලැබූ පොතක්. 2025 දී එය Stella Prize එක දිනා ගත් අතර Victorian Premier’s Prize for Fiction සඳහාත් shortlist වුණා.

1957 දී ස්විට්සර්ලන්තයේ ජීවත් වූ 23 හැවිරිදි ඕස්ට්‍රේලියානු භූ විද්‍යාඥයෙකු විස්තර කරමින් තමයි පොත ආරම්භ වෙන්නේ. ඉන්පසු නවකතාව 1986 දී මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් වන ශ්‍රී ලංකාවේ උපන් කාන්තාවකගේ දෘෂ්ටිකෝණයට මාරු වෙනවා. මෙම කථකයා මෑතකදී  Virginia Woolf ගේ කෘති ගැන thesis එකක් ලියන්න සිඩ්නි සිට මෙල්බර්න් ගිය කෙනෙක්. 

ඇය ඉක්මනින්ම ඉංජිනේරු ශිෂ්‍යයෙක් වන Kit සමඟ සබඳතාවක් පටන් ගන්නවා. Kit ගේ පෙම්වතිය වන Olivia පිලිබඳ ඇය තුළ ඇති වන ඊර්ෂ්‍යාව, ඇයට ඊර්ෂ්‍යා කිරීම පිලිබඳ තමා තුළම ඇති වන ලැජ්ජාව ආදී තමා තුළම පවතින තර්කයන් රැසක් මැදින් ගලා යන පුද්ගලික ජීවිතය සහ Woolf විසින් ලියන ලද ජාතිවාදී දින සටහන් හමු වීමත් සමග වෙනස් වන පර්යේෂණ කටයුතු ආදිය ගැන අපූරු ගැලපුමක් සහිතව කතාව මනාවට ගලා යනවා.

Theory & Practice යනු ආශාව සහ ඊර්ෂ්‍යාව, සත්‍යය සහ ලැජ්ජාව පිළිබඳ විස්මිත විස්තරයක්. එය කියවගෙන යන විට ඔබ තුළ ඇති ප්‍රබන්ධ අපූරුවට බිඳ දමනවා. මෙම පොත නවකතාවකට අඩංගු විය හැකි දේ පිළිබඳ ඔයාගේ සංකල්පය පුළුල් කිරීමට අනිවාර්යයෙන්ම හේතුවක් වේවි.

මෙරට තුළ වඩාත්ම ප්‍රසිද්ධ ලේඛකයෙකු වන Michelle de Kretser විසින් ජීවිතය, කලාවේ සීමාවන් හරහා කඩා වැටෙන විට සිදුවන්නේ කුමක්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා, අගේ ප්‍රබන්ධ, රචනා සහ මතක සටහන් ඉතා අලංකාරව භාවිත කර රචනා කොට සම්මාන ලැබූ මෙම කෘතිය ඔබත් අනිවාර්යයෙන්ම කියවන්න.

 

Image credit goes to: bookandpaper.com.au

Don't forget to share this post!

Recent Posts

783
February 19, 2026