කිසිදා පසු පසට නොයන ජීවීන් සිටින රට ගැන නොදන්නා දේවල් 5ක්

  • Home
  • /
  • Blog
  • /
  • කිසිදා පසු පසට නොයන ජීවීන් සිටින රට ගැන නොදන්නා දේවල් 5ක්
  •  පෘථිවියේ සිටින බිත්තර දමන ක්ෂීරපායින් සියලු දෙනාම මෙහෙ ඉන්නවා 

පෘථිවියේ සිටින්නේ බිත්තර දමන ක්‍ෂීරපායීන් දෙදෙනෙකු පමණයි. ඒ echidna සහ platypus. ඒ වර්ග දෙකම ඕස්ට්‍රේලියාවේ දකින්නට පුළුවන්. 1798 දී යුරෝපීයයන්ට platypus ප්‍රථම වරට හමු වූ අතර රූප සටහනකින් එම සත්වයාගේ පෙනුම දුටු බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් සිතුවේ එය ඕස්ට්‍රේලියානුවන් විසින් කරන ලද විහිළුවක් බවයි. පසුව ඔවුන් සිතුවේ එය තාරාවෙකුගේ හොට සහ පාද ඇති මීයන් වර්ගයක් බවයි. මිනිසුන් පැමිණීමට පෙර, ඕස්ට්‍රේලියාව ‘megafauna’ ලාගෙන් පිරී තිබුණා. දැන් වඳ වී ගොස් ඇති සතුන් අතර අශ්වයන්ගේ ප්‍රමාණයේ තාරාවන් සහ මීටර් තුනක් උස කැන්ගරුවන් ද වෙනවා.

  • පසුපසට නොයන සත්තු ඉන්න රට

Emus ලාට පසුපසට ඇවිදින්න බැහැ. කැන්ගරුවන් කිසිසේත්ම ඇවිදින්නේ නැති වුණත් පැන පැන යන කැන්ගරුවන්ටත් පසු පසට යන්න බැහැ. මෙම ඕස්ට්‍රේලියාවට ආවේණික සත්ත්ව විශේෂ දෙකම ජාතික ලාංඡනයේ දිස්වීමට එයත් එක් හේතුවක්. මේ මගින් සැමවිටම ඉදිරියට ගමන් කරන බවක් සහ කිසි විටෙකත් පසුපසට නොයන බවට හැඟීමක් ප්‍රකාශ වෙනවා.

  • ඕස්ට්‍රේලියාව වරක් ලොව ධනවත්ම නගරය හිමි රට වුණා

1851 දී වික්ටෝරියා ප්‍රාන්තය තුළ රන් නිධි සොයා ගැනීමත් සමග, මෙල්බර්න්හි ආර්ථිකය දියුණු වූ අතර ඉන් පසු වසර ගණනාවක් යන තුරා එය පෘථිවියේ ධනවත්ම අගනගරය වුණා. එය තවදුරටත් ධනවත්ම අගනගරය නොවුණත්, අද වන විට මෙල්බර්න් නගරය ලෝකයේ වඩාත්ම ‘ජීවත්වීමට සුදුසු’ නගර අතර ඉහළින්ම සිටිනවා.

  • ක්‍රියාකාරී ගිනි කන්දක් නොමැති එකම මහාද්වීපය

ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ ක්‍රියාකාරී ගිනි කඳු නොමැති වුවත්, ලොව විශාලතම සම්පූර්ණයෙන් නිෂ්ක්‍රීය වී ගිය ගිනි කඳු වලින් එකක් වන Tweed ගිනි කන්ද පිහිටා තිබෙනවා. එය ඊසානදිග New South Wales හි පිහිටා ඇති අතර වසර මිලියන 20 ක් පමණ නිද්‍රාශීලීව පවතින බව සැලකෙනවා. එයින් ලාවා පිට නොවීමට හේතු වෙන්නේ ඔස්ට්‍රේලියාව ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තැටියේ මැද පිහිටීමයි. එම  හේතුව නිසාම ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමිය කිසිදු සැලකිය යුතු භූ විද්‍යාත්මක දෝෂයකට යටත් වෙන්නේ නැහැ.

  • හිම ගොඩක් ඇති රටක් 

දක්ෂිණ ධ්‍රැවයට ආසන්නව පිහිටි ඔස්ට්‍රේලියාවට ශීත ඍතුව විශේෂයි. මේ කාලයේ දී ස්විට්සර්ලන්තයටත් වඩා විශාල ප්‍රදේශයක් හිමෙන් වැසී යනවා. New South Wales, Australian Capital Territory සහ Victoria ප්‍රාන්ත පුරා පැතිරී තිබෙන ගිනිකොනදිග කලාපයේ පිහිටා ඇති ඕස්ට්‍රේලියානු Alps කඳුකරය රටේ උසම කඳු වැටියද වෙනවා.

 

Image Credit goes to by : https://australian.museum/ 

Don't forget to share this post!

Recent Posts

Cruel war scenes, digital painting.
August 13, 2025