Pen Licence නැති ඇමරිකානුවෝ

  • Home
  • /
  • Blog
  • /
  • Pen Licence නැති ඇමරිකානුවෝ

පොඩි කාලේ පැන්සලෙන් අකුරු ලියලා පෑනට මාරු වුණ එක ගොඩක් දෙනා හරි ආසාවෙන් මතක් කරන දෙයක්. පොඩි වයසේදී තමන්ට පෑනෙන් ලියන්න ලැබෙන එක ලොකු ජයග්‍රහණයක් විදිහට තමයි ගොඩක් පොඩි ළමයින්ට දැනෙන්නේ. මේ පැන්සලෙන් පෑනට මාරු වෙන එක සම්බන්ධ සිදුවීමක් මේ දවස්වල සමාජ මාධ්‍ය වල වැඩිපුර කතා වෙනවා.

මේකට හේතු වුණේ ඇමරිකාවේ ජීවත් වන ඕස්ට්‍රේලියානු ගායිකාවක් වන G Flip ඇයගේ TikTok ගිණුම හරහා කියපු කතාවක්.

පැන්සලෙන් පෑනට මාරු වෙන්න අවසර ලබා ගන්න එක සාමාන්‍යයෙන් ‘pen licence’ කියලා හඳුන්වනවා. pen licence ලබා ගැනීම කියන්නේ තුන්වන හෝ හතර වසරවල පමණ සිටින ඕස්ට්‍රේලියානු ප්‍රාථමික පාසල් සිසුන්ට පැන්සලකින් ලිවීමේ සිට පෑනකට නිල වශයෙන් මාරුවීම සඳහා ලැබෙන අවසරය. මේක ලංකාවේ වෙන විදියට බොහෝ සෙයින් සමානයි.

“මම ඇමරිකාවේ ජීවත් වන ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්, අද මම දැනගත්තා ඇමරිකානුවන් කුඩා කාලයේදී pen licence එකක් ලබා නොගන්නා බව. ඉතින්, ඕස්ට්‍රේලියාවේ, ඔයාට වයස අවුරුදු අටක් හෝ නවයක් වන විට, ඔයා පැන්සලකින් පෑනකට උසස් වීමට සූදානම් දැයි පරීක්ෂා කරනවා. ඔබේ අකුරු හොඳ පෙනුමක් ඇති බව සහතික කර ගත යුතු අතර එවිට ඔබේ ගුරුවරයා ඔබට දැන් ඔබේ පෑන භාවිතා කළ හැකි බව සහතික කරනවා. මේක තමයි pen licence එක” යනුවෙන් G Flip ඇගේ ටික්ටොක් වීඩියෝ එක හරහා පැවසුවා.

මෙම වීඩියෝව දින කිහිපයකින් මිලියන 1.5 කට වඩා නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබා ගත් අතර, එහි comments අතර ඕස්ට්‍රේලියානුවන් සහ පුදුම වුණු ඇමරිකානුවන් අදහස් හා තර්ක දක්වන අයුරු දකින්නට ලැබුණා.

පෑන භාවිත කිරීම සඳහා අවසර ලබා ගැනීම හාස්‍යයට හා උපහාසයට ලක් කරමින් බොහෝ ඇමරිකානුවන් comment කර තිබූ අතර ඔස්ට්‍රේලියානුවන්ගේ අදහස වී තිබුනේ එය සොඳුරු මතකයක් බවයි.

Don't forget to share this post!

Recent Posts

Cruel war scenes, digital painting.
August 13, 2025