බාධක මැද ඉදිවෙන ලොව දිගම එල්ලෙන පාලම

  • Home
  • /
  • Blog
  • /
  • බාධක මැද ඉදිවෙන ලොව දිගම එල්ලෙන පාලම

ඉතාලිය කෙළවරේ පිහිටි Sicily දූපත Calabria කලාපයට සම්බන්ධ කරමින් ලොව දිගම එල්ලෙන පාලම (suspension bridge) ඉදිකිරීම සඳහා යුරෝ බිලියන 13.5 (ඩොලර් බිලියන 15.6) ක ව්‍යාපෘතියකට රෝමය අවසන් අනුමැතිය ලබා දී තිබෙනවා.

මධ්‍යධරණී මුහුදේ වඩාත් භූ කම්පන ක්‍රියාකාරී ප්‍රදේශවලින් එකක ඉදිකිරීමට නියමිත මෙම පාලම භූමිකම්පා වලට ඔරොත්තු දිය හැකි බව නිර්මාණකරුවන් කියා සිටිනවා.

Messina Bridge project දියත් කිරීමට ඉතාලි නිලධාරීන් ගත් නවතම උත්සාහය මෙයයි. වසර ගණනාවක් තිස්සේ මේ සඳහා උත්සාහ කර ඇතත්, පිරිවැය, පාරිසරික හානි, ආරක්ෂාව වැනි ගැටළු හේතුවෙන් සැලසුම් අවලංගු කිරීමට සිදු වුණා.

අගමැති Giorgia Meloni මෙම ව්‍යාපෘතිය පහසු නොවන බව දක්වා තිබෙනවා. කෙසේ වෙතත්, ඇය බදාදා පැවසුවේ එය ඉතාලියේ වර්තමාන සහ අනාගතයේ ආයෝජනයක් ලෙස සලකන බවයි.

අවසාන ව්‍යාපෘතියට අනුව, මෙම පාලම Messina සමුද්‍ර සන්ධිය හරහා කිලෝමීටර් 3.3 (සැතපුම් 2.05) ක් දිගකින් යුක්තව ඉදි වෙන අතර මීටර් 400 ක්(අඩි 1,300) උස කුළුණු දෙකක් අතර විහිදෙනවා. එය මැද දුම්රිය මාර්ග දෙකක් සහ දෙපස රථවාහන මංතීරු තුනකින් සමන්විතයි.

ප්‍රවාහන අමාත්‍ය Matteo Salvini, පවසා සිටියේ  2032 සහ 2033 අතර කාලය තුළ පාලම නිම කිරීමට ඉලක්ක කරන බවයි. පාලම වසරකට රැකියා 120,000 ක් නිර්මාණය කරන අතර ප්‍රදේශයට ආර්ථික වර්ධනයක් ගෙන එනු ඇතැයි ද ඔහු කියා සිටියා. 

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතියට තවමත් ඉතාලි විගණක අධිකරණය මෙන්ම ජාතික සහ යුරෝපා සංගම් මට්ටමින් පාරිසරික ආයතන විසින් rubber-stamped තැබිය යුතුයි.

සමුද්‍ර සන්ධියේ දෙපස සිටින දේපළ අත්පත් කර  ගැනීමට සිදුවන ප්‍රදේශවාසීන්ද දැනුවත් කළ යුතු අතර එම තීරණයට නීත්‍යානුකූලව අභියෝග එල්ල විට හැකියි. එනම් පාලම ඉදිකිරීම ප්‍රමාද වීමට හෝ සම්පූර්ණයෙන්ම නතර වීමටත් ඉඩ තිබෙනවා.

පාලම ඉදිකිරීම අත්හිටුවා ඇති පළමු අවස්ථාව මෙය නොවේ. ඒ සඳහා පළමු සැලසුම් වසර 50 කට පෙර සකස් කරන ලද අතර, විවිධ හේතූන් මත ඒ අදහස් කල් දැමීමට සිදු වූ අතර එය දිගු කලක් තිස්සේ දැඩි විරෝධයකට මුහුණ දී තිබෙනවා.

විවිධ ජාතික හා ප්‍රාදේශීය දේශපාලන කණ්ඩායම් වලින් මෙන්ම ජනතාවගෙන්ද විවිධ චෝදනා මීට එරෙහිව එල්ල වෙමින් පවතිනවා. ඇතැමුන් දේශපාලනික චෝදනා එල්ල කරමින් සිටින අතර පාලමට විරුද්ධ වන ප්‍රාදේශීය කණ්ඩායම් පවසන්නේ Sicily සහ Calabria නිතිපතා නියඟයෙන් පීඩා විඳින අතරතුර එහි ඉදිකිරීම් සඳහා දිනකට ජලය ලීටර් මිලියන ගණනක් භාවිතා වන බවයි.

දැනට මෙම සමුද්‍ර සන්ධිය තරණය කරන්නේ විනාඩි 30 ක මුහුද ගමනකින්.

 

Image Credit gose to by : https://www.news18.com

Don't forget to share this post!

Recent Posts

Cruel war scenes, digital painting.
August 13, 2025