රැකියාවක් සොයා ගැනීම සඳහා ඔයාට උදව් වෙන දේවල් කිහිපයක් ගැන අපි කලින් articles කිහිපයකින් කතා කළා. එකේදී jobs advertise කරන්නේ කොහේද කියන එක සහ job එකක් හොයාගන්න social media හරියටම පාවිච්චි කරන්න ඕන විදිහ වගේම Employers ලා වැඩිපුරම භාවිත කරන recruitment methods සහ සලකා බලන දේවල් මොනවද කියලා කිව්වා.
අද අපි බලමු ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් වෙන රැකියා පළපුරුද්ද ගැන. ඕනෑම රැකියාවක් ඔබට වටිනා සේවා පළපුරුද්දක් ලබා දෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය රැකියා නිපුණතා හා කුසලතා වර්ධනය කිරීමටත් මේ අත්දැකීම උපකාරී වෙනවා.
රැකියාව තුළ ඔයාගේ role එකට අදාළ කුසලතා, workplace එකේදී ඔයාගෙන් අපේක්ෂා කරන දේ පිළිබඳවත් අවබෝධයක් ඔයාට ලබාගන්න පුළුවන්. රැකියාවක් කිරීම තුළින් පළපුරුද්දක් ලබා ගන්න එකේ වැදගත්කම වෙන්නේ රැකියා ලෝකයට පිවිසෙන්න ඔයාගේ මුල්ම සූදානම ලබා ගැනීම වගේම ඔයාට හොඳ network එකක් හදාගන්න අවස්ථාවක් ලැබෙන එක.
ඔයත් අලුතෙන් රැකියාවක් ආරම්භ කරන්න ඉන්න කෙනෙක්නම් part-time, casual, හෝ temporary jobs, work experience placements, සහ internships හරහා අත්දැකීම් ලබා ගන්න පුළුවන්.
ඔයාට රැකියා පළපුරුද්දක් නැත්නම් මොකද කරන්නේ?
ඔයාට work experience එකක් නැත්නම් නම්, employers ලා සොයන කුසලතා ඔබ සතුව ඇති බව පෙන්වන්න පුළුවන් වෙනත් ක්‍රම ගැන සිතන්න.
ඔයා සහභාගී වෙලා තිබෙන පාසල් ක්‍රියාකාරකම් හෝ group projects මේ සඳහා ඔයාට උදව් වෙයි. උදාහරණ විදිහට ඔයා සම්බන්ධ වෙලා ඉන්න ප්‍රාදේශීය ක්‍රීඩා සමාජය සමඟ කරපු වැඩ, විවාද, නර්තන හෝ රංග ප්‍රසංග, චෙස් තරඟ ආදිය පවා ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රජා හෝ ස්වේච්ඡා ක්‍රියාකාරකම්වලට සහභාගී වීමද මේ වගේ අවස්තාවක කැපී පෙනෙනවා.
සමහර රැකියා වලට මේ තත්වය ඉතා හොඳින් අදාළ වෙනවා. ඔයාට අවබෝධයක් ගන්න yourcareer.gov.au වෙබ් අඩවියේ දැක්වෙන 2024 වසරේදී, අදාළ ක්ෂේත්‍රයේ රැකියා පළපුරුද්දක් නැතුවම සේවකයින් බඳවා ගත්ත අනුපාතයන් කිහිපයක් ඉදිරිපත් කරන්නම්.
- Checkout Operators and Office Cashiers – 89%
- Pharmacy Sales Assistants – 81%
- Housekeepers – 69%
- Kitchenhands – 69%
- Sales Assistants (General) – 68%
- Other Factory Process Workers – 68%
- Building and Plumbing Labourers – 56%
- Bar Attendants and Baristas – 52%