සාමාන්‍ය පවුලක සිල්ලර බඩු සඳහා වන වියදම 11% කින් ඉහළ ගොස් ඇති බව පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා. කොවිඩ් වසංගතය පැවති කාලයටත් වඩා භාණ්ඩ වල මිල ගණන් නරක අතට හැරී තිබෙනවා.
පසුගිය වසර තුළ මෙලෙස සාමාන්‍ය පවුලක් සඳහා වන වියදම ඉහළ ගොස් ඇති අතර එය වසර පහකින් වාර්තා වන විශාලතම වැඩිවීමයි.
සංසන්දනාත්මක වෙබ් අඩවියක් වන Canstar, කඩ හිමියන් 2800 ක් මත විමසුමකට ලක් කිරීමෙන් පසු, සිව් දෙනෙකුගෙන් යුත් පවුලක සාමාන්‍ය සතිපතා වියදම $25 කින් වැඩි වී තිබෙනවා. ඒ අනුව මේ වන විට සතියක වියදම $240 ක් දක්වා වැඩි වී තිබෙනවා.
හතර දෙනෙකුගෙන් යුත් පවුලක් supermarket එකකදී වසරකට $12,480 ක් වියදම් කරන බව විශ්ලේෂණයෙන් හෙළි වෙනවා.
සමීක්ෂණයට ලක් කළ පුද්ගලයින්ගෙන් අඩක් 45% Aldi, Coles, IGA හෝ Woolworths යන supermarket අතරින් දෙකකට යන අතර, 16% ක් අවම වශයෙන් ඉන් තුනකටවත් යනවා. එකකට පමණක් යන ගණුදෙනුකරුවන් සිටින්නේ 39% ක් පමණයි.
ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 80% කට වැඩි පිරිසක් පවසා තිබුණේ මුදල් ඉතිරි කර ගැනීමට උත්සාහ කිරීම සඳහා පසුගිය වසර තුළ තම shopping පුරුදු වෙනස් කළ බවයි. බොහෝ විට ඒකක මිල පරීක්ෂා කිරීම, තොග වශයෙන් මිලදී ගැනීම, කල් ඉකුත්වීමට ආසන්න වීම නිසා මිල අඩු කල භාණ්ඩ මිලදී ගැනීම, in-season produce පමණක් මිලදී ගැනීම, සංග්‍රහ කපා හැරීම සහ නැවුම් වෙනුවට ශීත කළ එළවළු මිලදී ගැනීම කෙරෙහි ඔවුන් අවධානය යොමු කර තිබෙනවා.
සුපිරි වෙළඳසැලකින් ඔවුන් බලාපොරොත්තු වෙන වැදගත්ම දෙය කුමක්දැයි විමසූ විට, බහුතරයක් (63%) පැවසුවේ, අඩු මිල ගණන් බවයි.
මෙම සමීක්ෂණය මගින් ප්‍රධාන අලෙවිසැල් හතර පිලිබඳ ගණුදෙනුකරුවන්ගේ සමස්ත තෘප්තිය, වටිනාකම, නිෂ්පාදන නැවුම්බව සහ පාරිභෝගික අත්දැකීම් පිළිබඳ පිළිතුරු ද ලබාගෙන තිබුණා.
ඒ අනුව අඛණ්ඩව අටවන වසරටත් Canstar හි “වඩාත්ම තෘප්තිමත් පාරිභෝගික සම්මානය” දිනා ගත්තේ Aldi විසින්. ගණුදෙනුකරුවන් විසින් සමස්ත තෘප්තිය මෙන්ම ගෙවන මුදලට ඇති වටිනාකම, පලතුරු, එළවළු සහ මස්වල නැවුම්බව, වෙළඳසැලෙහි/වෙබ් අඩවියෙහි සැලැස්ම සහ ඉදිරිපත් කිරීම සහ සුපිරි වෙළඳසැල් සතු සන්නාමගත නිෂ්පාදනවල ගුණාත්මකභාවය සඳහා Aldi වෙත තරු පහක ඉහළම ශ්‍රේණිගත කිරීමක් ලබා දුන් බව පර්යේෂණයෙන් හෙළි කළා.
පාරිභෝගිකයින්ගෙන් ඉහළම තරු පහේ ශ්‍රේණිගත කිරීමක් ලබා ගත් අනෙකුත් සුපිරි වෙළඳසැල් වූයේ IGA සහ Woolworths. IGA පාරිභෝගික සේවා සහ checkout experience එක වෙනුවෙන් සහ Woolworths එහි product range එක සඳහා තරු පහක් ලබා ගත්තා.
ගෝලීය කොකෝවා හිඟය චොකලට් මිල ඉහළ යාමට හේතු වී ඇති අතර, ඕස්ට්‍රේලියාවේ කුරුළු උණ පැතිරීම පසුගිය වසර තුළ බිත්තර මිල විශාල ලෙස ඉහළ යාමට හේතු වී තිබෙනවා. සමස්තයක් ලෙස, පසුගිය මාස 12 තුළ ආහාර සහ මධ්‍යසාර නොවන පාන වර්ග මිල 3% කින් ඉහළ ගොස් ඇති අතර, රජයේ දත්ත වලට අනුව, මස් සහ මුහුදු ආහාර 3% කින් සහ පාන් සහ ධාන්‍ය නිෂ්පාදන 2.2% කින් ඉහළ ගොස් තිබෙනවා.