රටේ ආර්ථිකයේ බර දරන්න ඉදිරියට ආපු අලුත් ක්ෂේත්රය ගැනයි මේ කතාව.
wellness sector එක රටේ ප්‍රමුඛතම අංශවලින් එකක් දක්වා නිහඬව වර්ධනය වී තිබෙනවා. මේ මගින් ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලැබෙමින් පවතිනවා.
Global Wellness Institute එකේ නව වාර්තාවකට අනුව, සෞඛ්‍ය සේවා සඳහා වියදම් කරන රටවල් අතර ඕස්ට්‍රේලියාව ලොව 7වන ස්ථානයේ සිටිනවා. සමස්තයක් වශයෙන් මෙය 2023 දී ඩොලර් බිලියන 194.4 ක් වූ අතර එය වසරින් වසර 10.9% කින් පමණ වැඩි වී තිබෙනවා.
Wellness sector එක දැන් ඕස්ට්‍රේලියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 7% ක් වන අතර එය ඉදිකිරීම් අංශයට පිටුපසින් සිටිනවා. වර්තමානයේ ඉදිකිරීම් කර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9% ක් පමණ වන අතර මිලියන 1.3 කට වඩා එහි සේවය කරනවා.
තරුණ ඕස්ට්‍රේලියානුවන් මේ සඳහා වැඩි උනන්දුවක් දක්වන බවත් pubs සහ clubs වෙනුවට Gyms දැන් බොහෝ විට සති අන්තය ගත කිරීමට ඔවුන් තෝරාගන්න බවත් Anytime Fitness හි කළමනාකරණ අධ්‍යක්ෂක Simon Thompson පැවසුවා. Gen Z පරම්පරාව Gen X පරම්පරාවට වඩා ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමට 7 ගුණයක් මුදල් වියදම් කරන බවත් ඔහු පැවසුවා.