අගෝස්තු මාසයේදී නිවාඩුවක් ගත කරන්න හිතනවානම් ඔයාට යන්න හොඳම තැන් ටිකක් සහ කරන්න පුළුවන් හොඳම දේවල් ගැනයි මේ කියන්න හදන්නේ.
ඕස්ට්‍රේලියාවේ විශේෂ පිහිටීම හිමෙන් වැසුණු කඳුවැටි වල සිට නිවර්තන කලාපයේ මල් පිරුණු තැනිතලා දක්වා එකිනෙකට වෙනස් වූ සුවිශේෂී පරිසර තත්ත්ව රැසක් නිර්මාණය කරනවා. අගෝස්තු මාසයේදී මේ හැම දෙයක්ම ඔයාට දැක බලාගන්න පුළුවන්.
- ඕස්ට්‍රේලියානු Alps කඳුකර බෑවුම්
කලින් article කිහිපයකින්ම අපි මේ Australian Alps ගැන කියලා තියෙනවා. අගෝස්තු මාසයේදී සංචාරය කරන්න හොඳම තැනක් තමයි මේ. මේ කාලෙදී හිම තරමක් ගැඹුරුයි, ski lifts ක්‍රියාත්මක වන අතර, après-ski පූර්ණ ලෙස ක්‍රියාත්මක වෙනවා. අගෝස්තු කියන්නේ ඕස්ට්‍රේලියාවේ ski වලට හොඳම කාලයක්.
මෙහිදී ඔබට සියලුම කුසලතා මට්ටම් වල අය සඳහා ගැලපෙන බෑවුම් වගේම ski පාසල් ද තිබෙනවා. Non-skiers ලට Snow tubing සහ toboggan parks වගේම සුවපහසු නවාතැන් පහසුකම්ද මෙහිදී ලබා ගන්න පුළුවන්. season එක නිසා මිල ගණන් ඉහළ අගයක පවතින නිසා නවාතැන් කලින් වෙන්කරවා ගන්න.
Location: Thredbo, Perisher (NSW), Mount Hotham, Mount Buller (VIC)
- Snorkel කිරීම හෝ මහා බාධක කොරල් පරයේ කිමිදීම
අගෝස්තු මාසයේ වියළි කාලයේ ජලය සන්සුන් සහ පැහැදිලි බවින් යුක්තයි. එය හොඳින් ගල්පර දැක ගැනීමට ඉඩ සලසනවා. ඒ නිසාම මේ මාසය snorkeling සහ scuba කිමිදීම සඳහා වඩාත් සුදුසුය.
මේ කාලයේදී මුහුදු ජලයේ උෂ්ණත්වය 24°C (75°F) ක් පමණ අගයක පවතිනවා. catamaran, helicopter, හෝ liveaboard හරහා ගල්පර නැරඹීමට යන්න පුළුවන්. කැස්බෑවන්, ගල්පර මෝරුන්, clownfish සහ manta කිරණ නැරඹන්නත් අවස්ථාව තිබෙනවා. Whitsundays අවට තල්මසුන් නැරඹන්නත් පුළුවන්.
Location:Cairns, Port Douglas, Whitsundays (QLD)
- වෙරළ තීරයේ තල්මසුන් නරඹන්න
අගෝස්තු මාසයේදී Humpback තල්මසුන් ඔවුන්ගේ පැටවුන් සමඟ උතුරට සංක්‍රමණය වෙනවා. තල්මසුන්ගේ මෙම හැසිරීම ඉතා අලංකාර දර්ශනයන් මවනවා.
මෙහිදී ඔබට විශේෂඥ මාර්ගෝපදේශකයින් සමඟ තල්මසුන් නැරඹීමේ අවස්ථාව හිමි වෙනවා. ගොඩබිමේ සිට නැරඹීමටත් විශිෂ්ඨ දර්ශන තිබෙනවා. මතක ඇතිව binoculars සහ උණුසුම්, සුළඟින් ආරක්‍ෂා වීමට අවශ්‍ය දේවල් රැගෙන යන්න.
Location:Hervey Bay, Eden, and Albany
- WA හි කැලෑ මල් නරඹන්න
ඕස්ට්‍රේලියාවේ වඩාත් ප්‍රසිද්ධ මල් සැනකෙළිය පිපෙන්නට පටන් ගන්නේ අගෝස්තු මාසයේදී. එය මුළු භූමියම විස්මිත වර්ණවලින් වසා දමනවා.
මෙහි මල් විශේෂ 12,000 කට වඩා තිබෙනවා. ඒවායින් බොහොමයක් පෘථිවියේ වෙනත් කිසිම තැනක දකින්නට නොලැබෙන විශේෂයන්.
කැමති පරිදි self-drive routes හෝ guided wildflower tours ලබා ගන්න පුළුවන්. ඔයත් photoes ගන්න කැමති කෙනෙක්නම් මේක ඔයාට හොඳම අවස්ථාවක් වේවි. යන්න කලින් local bloom calendars පරීක්ෂා කරලා මල් පිපෙන දින දැනගන්න.
Location: Kalbarri, Coalseam Conservation Park, Geraldton
- සංචාරකයින් අඩු දවසක Red Centre බලන්න
අගෝස්තු මාසයේදී මේ ප්‍රදේශයේ සීතල රාත්‍රී කාලයක් සහ සෞම්‍ය දහවල් කාලයක් තිබෙනවා. ඒ නිසා මේ කාන්තාරය බලන්න යන්න හොඳම කාලයක් තමයි මේ.
මෙහෙ යන ඔයාට Kings Canyon හෝ Uluru අවට දහවල් කාලයේ දී කඳු නගින්න පුළුවන්. ඒ වගේම ඉතා පැහැදිලි අහස යට තරු නරඹන්න කැමති අයටත් මේක හොඳම ප්‍රදේශයක්.
ඒ වගේම ආදිවාසී ජනතාවගේ සංස්කෘතික අත්දැකීම් බෙදා ගන්නත් ඉඩ ලැබෙනවා. රාත්‍රී කාලයේ දී උෂ්ණත්වය ඉතා අඩු විය හැකි බැවින්, ඒ සඳහා සූදානමෙන් යන්න
Location:Uluru, Alice Springs, Kings Canyon (NT)