සාම සාකච්ඡා මැදදීම එල්ල කළ රුසියානු ප්‍රහාරය

  • Home
  • /
  • News
  • /
  • සාම සාකච්ඡා මැදදීම එල්ල කළ රුසියානු ප්‍රහාරය

රුසියාව විසින් මධ්‍යම යුක්රේන නගරයක් වන Kremenchuk වෙත එක රැයකින් ඩ්‍රෝන යානා යොදාගෙන ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ අනුව එහි නගරාධිපතිවරයා අඟහරුවාදා ප්‍රකාශ කළේ එය රුසියානු ජනාධිපති Vladimir Putin හට සාමය අවශ්‍ය නොවන බවට ලකුණක් බවයි.

රුසියානු යුද්ධය අවසන් කිරීම සඳහා ඕනෑම අවස්තාවකදී යුක්රේනයේ ආරක්ෂාව සහතික කිරීමට එක්සත් ජනපදය උදව් කරන බව පවසමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටනයේදී යුරෝපීය නායකයින් සහ යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy හමුවී දිනකට පසුව මෙම ප්‍රහාරය වාර්තා වීම කැපී පෙනෙනවා.

සඳුදා පැවති රැස්වීමෙන් පසු, ට්‍රම්ප් පැවසුවේ තමා පුටින්ට දුරකථන ඇමතුමක් ලබා දී පුටින් සහ සෙලෙන්ස්කි අතර රැස්වීමක් සංවිධානය කිරීමට පටන් ගත් බවත්, පසුව සාම ගිවිසුමකට එළඹීමේ අරමුණින් ජනාධිපතිවරුන් තිදෙනා අතර ත්‍රෛපාර්ශ්වික සමුළුවක් පැවැත්වෙන බවත්ය.

පුටින්, ට්‍රම්ප්ට සාමය සඳහා සාකච්ඡා කරන බවට දුරකථනයෙන් සහතික වෙමින් සිටියදීත්, ජනාධිපති සෙලෙන්ස්කි සාධාරණ සාමයක් පිළිබඳව යුරෝපීය නායකයින් සමඟ ධවල මන්දිරයේ සාකච්ඡා පවත්වමින් සිටියදීත්, පුටින්ගේ හමුදාව Kremenchuk වෙත මෙලෙස ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

යුක්රේන ගුවන් හමුදාවට අනුව, රුසියාව ඩ්‍රෝන යානා 270 ක් සහ මිසයිල 10 ක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන් බලශක්ති පහසුකම්වලට හානි සිදු වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස විශාල ගින්නක් ඇති වූ බවත් බලශක්ති අමාත්‍යංශය පැවසුවා.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ තම හමුදා, යුක්රේනයේ හමුදාවට තෙල් සපයන පිරිපහදුවකට පහර දුන් බවයි. Kremenchuk හි විශාල තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නමුත් ප්‍රහාරයට ලක් වූයේ මෙයද යන්න අමාත්‍යාංශය තවමත් ප්‍රකාශ කර නැහැ.

රුසියානු නිලධාරීන් පැවසුවේ යුක්රේන ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් Volgograd කලාපයේ තෙල් පිරිපහදුවක් සහ රෝහලක වහලක් ගිනිගත් බවයි. මේ අනුව දෙපාර්ශ්වයම එකිනෙකාගේ භූමියේ තෙල් පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ඉලක්ක කර ගෙන තිබෙනවා.

“නැවත වරක්, පුටින්ට සාමය අවශ්‍ය නැති බව ලෝකය දැක තිබේ. ඔහුට යුක්රේනය විනාශ කිරීමට අවශ්‍ය බව ලෝකය දැක තිබේ” යනුවෙන් Kremenchuk නගරාධිපති Vitalii Maletskyi පවසා තිබුණා. නගරාධිපති විසින් පළ කරන ලද ඡායාරූපයක ඉහළට නැඟී අහස හරහා ගමන් කරන විශාල, අඳුරු දුමාරයක් පෙන්නුම් කළා. නගරයේ තිබී හමු වූ රුසියානු මිසයිලවලින් පුපුරා නොගිය පොකුරු පතොරම් වෙත ළඟා නොවන ලෙස හෝ ස්පර්ශ නොකරන ලෙස ද ඔහු ප්‍රදේශවාසීන්ට අනතුරු අඟවා තිබුණා.

අඟහරුවාදා උදෑසන රුසියාව විසින් යුක්රේනයේ Chernihiv කලාපයට එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් ද යටිතල පහසුකම්වලට හානි සිදු වුණා. ප්‍රාදේශීය බලශක්ති නිලධාරියෙකු පැවසුවේ නිවාස 30,000 කට වැඩි ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බවයි.

 

 

 

Image Credit goes to by : https://commons.wikimedia.org/

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025