කලින් articles වලින් අපි ශ්‍රී ලංකාවෙන් පිටත දී ඉපදුණු දරුවෙකුගේ උප්පැන්න සහතිකය සහ පුරවැසි සහතිකය මෙහෙ සිටම හදාගන්න ආකාරය ගැන කතා කළා. දැන් අපි බලමු ලංකාවෙන් පිටත සිට මරණයක් ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා.
1981 අංක 04 දරන Sri Lanka Consular Functions පනතේ රෙගුලාසි යටතේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ/ද්විත්ව පුරවැසියන්ගේ මරණ ලියාපදිංචි කිරීමට ඕස්ට්‍රේලියාවේ සිටින ඔබටත් පුළුවන්.
මේ සඳහා මරණය පිළිබඳ තොරතුරු සපයන්නා මව, පියා, කලත්‍රයා, දරුවා හෝ සහෝදරයා විය යුතුයි.
අපි මුලින්ම බලමු මේ සඳහා අයදුම් කරන ආකාරය
අයදුම් කරන ආකාරය
ඔයාට උපාන්න සහතිකය සඳහා වගේම මේකෙදීත් ක්‍රම 2 කට අයදුම් කරන්න පුළුවන්.
- කවුන්ටරයෙන් අයදුම් කිරීම:
ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ වෙබ් අඩවිය වන slcgmel.org හරහා වෙලාවක් වෙන්කර ගැනීමෙන් පසුව එහි ගොස් ඔයාගේ අයදුම්පත ඉදිරිපත් කරන්න පුළුවන්. ඕනෑම වැඩ කරන දිනයක පෙ.ව. 9.30 සිට ප.ව. 1.30 දක්වා මේ විදිහට වෙලාවක් වෙන් කරගන්න අවස්ථාව තිබෙනවා.
මරණය සිදු වූ දින සිට වසරක් ඇතුළත ඔබගේ අයදුම්පත කවුන්ටරයට ඉදිරිපත් කරනවා නම්, මරණ සහතිකය මෙම කාර්යාලය විසින් නිකුත් කර email පණිවිඩයක් හරහා ඔයාට දැනුම් දෙනවා.
මරණය සිදුවී වසරකට පසු අයදුම්පත ඉදිරිපත් කරනවා නම්, ඔයාගේ අයදුම්පත අනුමැතිය සඳහා රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවට යොමු කරනු ලබන අතර අනුමැතිය ලැබුණු පසු සහතිකය නිකුත් කරනවා.
- තැපෑලෙන් අයදුම්පත ඉදිරිපත් කිරීම:
ඔබගේ අයදුම්පත තැපෑලෙන් ද ඉදිරිපත් කරන්න පුළුවන්. අයදුම්පත සහ supporting documents තැපැල් කිරීමට පෙර සහතික කළ යුතුයි.
අයදුම්පත නිල මුද්දරයක් සමඟ සාම විනිසුරුවරයෙකු (Justice of the Peace) විසින් පමණක් සහතික කළ යුතුයි.
සහායක ලේඛන බලයලත් ඕස්ට්‍රේලියානු සහතික කිරීමේ ආයතනයක් (වෛද්‍යවරයෙක්, නීතිඥවරයෙක්, සාම විනිසුරුවරයෙක්, පොලිස් නිලධාරියෙක් හෝ ඖෂධවේදියෙකු) විසින් නිල මුද්දරයක් සමඟ සහතික කළ යුතුයි.
දකුණු ඕස්ට්‍රේලියාවේ අයදුම්කරුවන්ට ඇඩිලේඩ් හි පහත ලිපිනයෙන්, ශ්‍රී ලංකා ගරු කොන්සල්වරයා මහින් අයදුම්පත් සහතික කරගන්න පුළුවන්.
Dr. Charitha Perera
No. 10A, Valmai Avenue,
Kings Park, SA 5034, Australia
Mobile: 0412 552 541
Home: 08 8333 0764
Email: charitha_perera@hotmail.com
අයදුම්පත ලබා ගැනීම
පෙර මාස තුන (03) තුළ මරණය සිදුවී ඇත්නම් සහ මරණය සිදු වී මාස තුනකට (03) වඩා ගොස් ඇත්නම් ලබා දිය යුතු අයදුම්පත් වෙන වෙනම කොන්සල් ජනරාල් කාර්යාලයේ වෙබ් අඩවියෙන් download කරගන්න පුළුවන්.
ප්‍රමාද වූ ලියාපදිංචිය සඳහා පැහැදිලි කිරීමේ ලිපියක්, “Registrar General, Registrar General’s Department, Colombo” වෙත යොමු කළ යුතුයි.
මේ සඳහා අවශ්‍ය අනෙකුත් ලියකියවිලි මොනවද වගේ දේවල් අපි ඉදිරියේදී පියවරෙන් පියවර කතා කරමු.