අරාබියට වැලි විකුණන පුදුම රටක්
කලින් articles වලින් ඔස්ට්‍රේලියාව ගැන ඔබ නොදන්නා පුදුම හිතෙන දේවල් ගොඩක් අපි කිව්වා. ඒ වගේම අදත් මේ කියන්න හදන්නේ පුදුම දේවල් තිබෙන අමුතු රටක් ගැන. බලන්න මොකක්ද මේ රට කියලා.
1 . ලෝකයේ පැරණිතම නොනැසී පවතින ශිෂ්ටාචාරය ඇති රට
ඕස්ට්‍රේලියානු ආදිවාසී සංස්කෘතිය පෘථිවියේ ඇති පැරණිතම ආදිවාසී සංකෘතිය ලෙස පිළිගැනෙනවා. මෙම මහාද්වීපයේ වැසියන් වසර 40,000-60,000 අතර කාලයක් පැවත එනවා. එහෙත් ඔවුන්ට ලැබුණු සමාන අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කළ නොහැකි අතීතයක් තිබෙනවා. එනම්, ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන්ට පූර්ණ ඡන්ද අයිතිය ලබා දුන්නේ 1967 තරම් මෑත කාලයකදී වීමයි.
2 . ලෝකයේ පැරණිතම පොසිලය හමු වුණු රට
වසර බිලියන 3.5 ක් පැරණි යැයි ගණන් බලා ඇති ලොව පැරණිතම පොසිල වන Stromatolite පොසිල මුල්ම වරට හමු වුණේ බටහිර ඕස්ට්‍රේලියාවේ Shark බොක්කෙන්. පුරාණ නිල්-කොළ ඇල්ගී මගින් සාදන ලද Stromatolite අද ලෝකයේ ඇතැම් ප්‍රදේශවල වර්ධනය වෙමින් පැවතුනත්, ඒවා 1956 දී ප්‍රථම වරට සොයා ගන්නා ලද Shark බොක්කෙහි බහුලව වර්ධනය වෙනවා. ලෝකයේ පැරණිතම පොසිල කැනඩාවේ පිහිටා ඇති බවට විද්‍යාත්මක ප්‍රකාශ ඉදිරිපත් කර ඇති නමුත්, මෙය සත්‍යයක් බව පුළුල් ලෙස පිළිගන්නේ නැහැ.
3 . මැදපෙරදිගටත් වැලි යවන රටක්
සෞදි අරාබියේ තිබෙන කාන්තාර ගැන හිතනකොට මේක අමුතු දෙයක් වගේ පෙනෙන්න පුළුවන්. නමුත් ඕස්ට්‍රේලියාවේ බහුලව දක්නට ලැබෙන ගානට් විශේෂයක් sandblasting සහ pressure-cleaning සඳහා ඉතා සුදුසු වන නිසා එම වැලි වර්ගය අරාබියට විශාල වශයෙන් අපනයනය කෙරෙනවා.