ස්පාඤ්ඤයේ Valencia අසල Bunol හි පැවති ‘La Tomatina’ food fight festival එක ආරම්භ වුනේ 1945 දී රටේ තරුණයින් පිරිසක් අතර ආහාර සටනකින්.
මෙම උත්සවය මෙම වසරේ එහි 78 වන සංවත්සරය සැමරුවා. ඒ වගේම ස්පාඤ්ඤය විසින් මෙම උත්සවය international tourism attraction එකක් ලෙස ප්‍රකාශයට පත් කර වසර 23 ක් සනිටුහන් කළා.
ඒ අනුව මේ අගෝස්තු 27 වන දින ස්පාඤ්ඤයේ Valencia අසල Bunol හි වාර්ෂික ‘La Tomatina’ food fight festival එක අතරතුර තක්කාලි ගෙනා ට්‍රක් රථ වටා විනෝදකාමීන් විශාල පිරිසක් රැස් වුනා.
මෙය සෑම වර්ෂයකම අගෝස්තු මාසයේ අවසන් බදාදා දින පැවැත්වෙනවා. මෙහිදී ටොන් 120ක් පමණ ඉදුණු තක්කාලි වලින් එකිනෙකාට පහර දී ගන්නවා.
මෙහි තවත් සුවිශේෂීත්වයක් වන්නේ මේ හා බැඳුනු නීති. එම නීති වලට අනුව තක්කාලි වලින් පහර දීමට පෙර ඒවා මිරිකා දැමිය යුතුයි. ඒ වගේම බෝතල් ඇතුළු වෙනත් ඕනෑම දැඩි දේවල් ඇඳුමේ තියාගන්න අවසර නැහැ. ඒ වගේම ක්‍රීඩා කරන විට අන් අයගේ ඇඳුම් ඉරා දැමීම තහනම් වෙනවා. ගිනිකෙළි අනතුරු ඇඟවීමේ 2වෙනි සංඥාව ඇසුණු ගමන්ම පහරදීම වහාම නැවැත්විය යුතුයි.