Drive කරනකොට වගේම නැවැත්තුවත් Phone එක තහනම්

  • Home
  • /
  • News
  • /
  • Drive කරනකොට වගේම නැවැත්තුවත් Phone එක තහනම්

රිය පදවන ගමන් phone එකට අවධානය දෙන්න ඔයා පුරුදු වෙලා ඇති. නමුත් එය ඔයාගේ ආරක්ෂාව වගේම අන් අයගේ ආරක්ෂාවත් බරපතල ලෙස අවදානමට ලක් කරන්න හේතු වෙනවා. ඒ නිසා මෙම වරද කරන රියදුරන් සඳහා දැඩි නීති සහ දඬුවම් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අද අපි බලමු ජංගම දුරකථන මාර්ග නීති කිහිපයක් ගැන.

Centre for Accident Research & Road Safety (CARRS) Queensland පවසන ආකාරයට රිය පදවන අතරතුර ජංගම දුරකථනයක් භාවිතා කිරීම ඔබේ අනතුරක අවදානම හතර ගුණයකින් වැඩි කළ හැකියි. තත්පර 2කට ඔබේ ඇස් මාර්ගයෙන් ඉවතට ගැනීම පවා අනතුරක අවදානම දෙගුණ කරනවා.

මාර්ග අනතුරු වැළැක්වීමට උපකාර කිරීම සඳහා, සෑම state එකකම සහ territory එකකම රියදුරන් සඳහා දැඩි ජංගම දුරකථන නීති තිබෙනවා. වචන තරමක් වෙනස් වුනත්, ඕස්ට්‍රේලියාව පුරා නීති සමානයි. ස්ථානය අනුව ලැබෙන දඬුවම demerit points 5 ක් සහ $1,251 ක දඩයක් තරම් දරුණු විය හැකියි.

ජංගම දුරකථන මාර්ග නීති

ඔබට සම්පූර්ණ රියදුරු බලපත්‍රයක් තිබේ නම්, ඔබට මෝටර් රථය තුළ ඔබේ ජංගම දුරකථනය භාවිතා කළ හැක්කේ දැඩි ජංගම දුරකථන නීති අනුගමනය කරමින් පමණයි.

ඔබ ඔබේ දුරකථනය මෝටර් රථයට සවි කර ඇති cradle එකක තැබිය යුතුයි. නැතහොත් Bluetooth වැනි ක්‍රමයක් භාවිත කළ යුතුයි. ඒ ආකාරයට ඔබට දුරකථනය භාවිත කළ හැකි අවස්ථා වන්නේ;

  • Audio phone calls ලබා ගැනීම හෝ ලබා දීම
  • Music හෝ podcasts වලට සවන් දීම වැනි ශ්‍රව්‍ය කාර්යයන්
  • Navigation

රිය පදවන අතරතුරදී අනෙකුත් සියලුම කාර්යයන් සඳහා ජංගම දුරකථන භාවිතය තහනම්. මෙයට email යැවීම, text යැවීම,  social media භාවිතය, games play කිරීම, photos හෝ video ගැනීම හෝ වෙනත් ඕනෑම කාර්යයයක් සඳහා දුරකථනය භාවිත කිරීම ඇතුලත් වෙනවා.

මෙම ජංගම දුරකථන නීති සරල ලෙස පෙනෙන නමුත් ඒවා ඔබ සිතනවාට වඩා දැඩිව ක්‍රියාත්මක වෙනවා. එම නිසා මෙම කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න.

  • ඔයා වාහනය park කරලා නැතිව නවතා තිබෙන සමහර අවස්ථා වලදීත් මේ නීති අදාළ වෙනවා. උදාහරණයක් විදිහට ඔයා traffic lights වල නවත්වාගෙන ඉන්න විටත් දුරකථන සම්බන්ධ මාර්ග නීති ඒ විදිහටම අදාළ වෙනවා. 
  • ඔයා drive කරන විට ඔයාගේ ජංගම දුරකථනය  අතේ තබාගෙන සිටිනවා නම්, ඔයාට දඩ නියම වෙන්න පුළුවන්. රිය පැදවන විට දුරකථනය ඔබේ උකුලේ තිබුණත්, ශරීරයේ ඕනෑම කොටසක ස්පර්ශව තිබෙනවා නම්, ඔබට දඩ නියම විය හැකියි.
  • තවමත් පුහුණු වෙන අයෙකුට හෝ P1 බලපත්‍රලාභීන්ට NSW, QLD, SA, TAS සහ VIC හි රිය පදවන විට ඔවුන්ගේ ජංගම දුරකථන කිසිසේත්ම භාවිතා කරන්න අවසර නැහැ.
  • P2 බලපත්‍රලාභීන්ට NSW සහ QLD හැර, බොහෝ ප්‍රාන්තවල මෙම නීතිවලට අනුකූලව පමණක් තම ජංගම දුරකථන භාවිතා කරන්න පුළුවන්.

මෙම නීති අදාළ වෙන්නේ ජංගම දුරකථන සඳහා පමණක් නෙවෙයි. DVD players, computers, tablets, සහ smartwatches වැනි අවධානය වෙනතකට යොමු කරන අනෙකුත් උපාංග සඳහාද ඒවා අදාළ වෙනවා.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025