ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ උසස් අධ්‍යාපන අවස්ථා ගැන කලින් article වලින් අපි සංසන්දනාත්මකව කතා කළා. ඒ වගේම මේ රටවල් 2හි උසස් අධ්‍යාපනය හදාරන්න යන අධ්‍යයන වියදම් ගැනත් කිව්වා. අද අපි බලමු නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ තිබෙන සංස්කෘතික වෙනස්කම් සහ දේශගුණික තත්ත්ව ගැන.
නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සංස්කෘතිය
ඕස්ට්‍රේලියාවේ සංස්කෘතිය බටහිර යුරෝපීය බලපෑම් සහ එහි ආදිවාසී ජනයාගේ පොහොසත් උරුමයේ මිශ්‍රණයක් වෙනවා. ඕස්ට්‍රේලියාව එහි බහු සංස්කෘතික සමාජය සඳහා ප්‍රසිද්ධයි. එය විශේෂයෙන් විදේශ රටවල සිට පැමිණි සිසුන් සඳහා ලොව ඇති හොඳම ස්ථානයක්. ජනප්‍රිය ආකර්ෂණ ස්ථාන සහ සජීවී නාගරික පරිසරයක් තිබීම මෙහි සැබවින්ම සුවිශේෂී වෙනවා.
අනෙක් අතට නවසීලන්තය රටේ ස්වාභාවික භූ දර්ශන සහ විශ්මයජනක දර්ශනවලින් සමන්විත වෙනවා. සුන්දර පාරසරික වටපිටාවක ඉගෙනීම ලබන්න කැමති කෙනෙක්ට මේක හොඳම රටක්. රටේ උරුමය ප්‍රවර්ධනය කරන විවිධ සංස්කෘතික උත්සව සහ සිදුවීම් වසර පුරාම පැවැත්වෙනවා.
නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ දේශගුණික සහ කාලගුණික වෙනස්කම්
නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් දෙකම දකුණු අර්ධගෝලයේ ඉතා ආසන්නව පිහිටා තිබුණත්, ඒවායේ දේශගුණය එකිනෙකට බොහෝ වෙනස්. නවසීලන්තයේ සෞම්‍ය සමුද්‍ර දේශගුණයක් ඇති අතර වසර පුරා සෞම්‍ය උෂ්ණත්වයක් තිබෙනවා.
- ගිම්හාන කාලයේදී (දෙසැම්බර්-පෙබරවාරි) North Island එකේ සාමාන්‍ය උෂ්ණත්වය 20°C – 25°C (68°F සිට 77°F දක්වා) පරාසයක පවතිනවා. ශීත ඍතුවේ දී උෂ්ණත්වය 10°C – 16°C (50°F සිට 61°F දක්වා) පරාසයක පවතිනවා.
- ගිම්හාන කාලයේදී South Island එකේ සාමාන්‍ය උෂ්ණත්වය 17°C – 21°C (63°F සිට 70°F දක්වා) පරාසයක පවතිනවා. ශීත කාලයේදී (ජුනි-අගෝස්තු) උෂ්ණත්වය 5°C – 11°C (41°F සිට 52°F දක්වා) පරාසයක පවතිනවා.
ඕස්ට්‍රේලියාවේ දේශගුණය ප්‍රධාන වශයෙන් උණුසුම් හා වියලි ස්වභාවයක් ගන්නවා. උතුරේ නිවර්තන කලාපවල සිට දකුණේ සෞම්‍ය කලාප දක්වා විවිධ කාලගුණික තත්ත්වයන් පවතිනවා. ඉහළ උෂ්ණත්වයන් සහ අඩු වර්ෂාපතනයක් තිබෙනවා. වෙරළබඩ ප්‍රදේශ වඩාත් මධ්‍යස්ථ සහ සුවපහසු කාලගුණයක් ලබා දෙනවා.
- උතුරු ඕස්ට්‍රේලියාවේ (Northern Territory, Queensland) ගිම්හාන කාලයේදී (දෙසැම්බර්-පෙබරවාරි) සාමාන්‍ය උෂ්ණත්වය 30°C – 35°C (86°F සිට 95°F දක්වා) පරාසයක පවතිනවා. ශීත (ජුනි-අගෝස්තු) උෂ්ණත්වය 20°C සිට 25°C දක්වා (68°F සිට 77°F දක්වා) පරාසයක පවතිනවා.
- දකුණු ඕස්ට්‍රේලියාවේ (New South Wales, Victoria, South Australia, Western Australia) ගිම්හාන (දෙසැම්බර්-පෙබරවාරි) උෂ්ණත්වය 25°C සිට 30°C දක්වා (77°F සිට 86°F දක්වා) පරාසයක පවතිනවා. ශීත (ජුනි-අගෝස්තු) සාමාන්‍ය උෂ්ණත්වය 10°C – 15°C (50°F සිට 59°F දක්වා) පරාසයක පවතිනවා.