චීනය න්‍යෂ්ටික මිසයිල, සන්නද්ධ වාහන සහ දහස් ගණනක් සොල්දාදුවන් ආඩම්බරයෙන් බීජිං හි හදවත හරහා ගමන් කරමින් එරට විශාලතම හමුදා පෙළපාළිය පැවැත්වුවා.
දෙවන ලෝක යුද්ධයේදී ජපානය යටත් වීමේ 80 වන සංවත්සරය සනිටුහන් කිරීම සඳහා බදාදා බීජිං හි Tiananmen චතුරශ්‍රයේ දී මෙම හමුදා පෙළපාලිය පැවැත්වුණා.
1941 දී ටෝකියෝ Pearl වරායට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ගෝලීය ගැටුමක් බවට පත් වූ අධිරාජ්‍ය ජපානය සමඟ පැවති දීර්ඝ යුද්ධයෙදී මිලියන ගණනක් චීන ජනතාව මිය ගියා.
මෙහි තවත් විශේෂත්වයක් වූයේ චීන ජනාධිපති ෂී ජින් පිං ‘Victory Day’ උත්සවයට පෙර උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ රතු පලසක් දිගේ Tiananmen චතුරශ්‍රය දෙසට ඇවිද යන ආකාරය දැකගන්න ලැබුණා. එකම උත්සවයකදී තිදෙනා එකට පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි.
උත්සවයට ආරාධනා ලැබූ හිටපු වික්ටෝරියානු අගමැති Daniel Andrews ද පිරිස අතර සිටිනු දක්නට ලැබුණා. හිටපු ඕස්ට්‍රේලියානු කම්කරු අගමැති Bob Carr ද මේ සඳහා ආරාධනා ලැබ තිබුණා.
මෙම මිනිත්තු 70 ක උත්සවය අතරතුර දී ඩ්‍රෝන යානා, න්‍යෂ්ටික Dongfeng-5 මිසයිල සහ ජාතියේ පළමු ක්‍රියාකාරී hypersonic cruise මිසයිලය වන YJ-19 ඇතුළු විවිධ troops 10,000 කට අධික සංඛ්‍යාවක් සහ හමුදා හෙලිකොප්ටර් යානා දැකගන්න ලැබුණා.
Center for Strategic and International Studies අනුව, Dongfeng-5 යනු ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර යුරෝපය පුරා විශාල න්‍යෂ්ටික බලපෑමක් ලබා දිය හැකි ද්‍රව ඉන්ධන සහිත අන්තර් මහද්වීපික උපායමාර්ගික න්‍යෂ්ටික මිසයිලයක්.