තමන්ගේම business එකක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට අවශ්‍ය හැමදේම පියවරෙන් පියවර අපි මේ ලිපි මාලාවෙන් කතා කරනවා.
Business එකක් පටන් ගන්න කලින් පරීක්ෂා කළ යුතු දේවල්, තීරණය කල යුතු දේවල් සහ කළ යුතු දේවල් මොනවද?, business එක හරියට define කරගන්නේ කොහොමද? business එකේ ව්‍යුහය, නම සහ ස්ථානය වගේ දේවල් තීරණය කරගන්න විදිය, business එකට ගැලපෙන Business Plan එක හදාගන්න විදිහ, Business එක Register කරන ආකාරය, Business එකට අදාළ මූල්‍ය කටයුතු සංවිධානය කරගන්න ආකාරය, ව්‍යාපාරය promote කරන්නේ කෙසේද සහ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වන්නේ කෙසේදැයි ගැන අපි කලින් articles වලින් කතා කළා.
ඕනෑම ව්‍යාපාරයක් පුළුල්ව කරගෙන යනවනම් ඒ සඳහා තනි කෙනෙක්ගේ ශ්‍රමය පමණක් ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරය සම්බන්ධ සියලු කටයුතු සඳහා අවශ්‍ය කුසලතා හා දැනුම ඔබ තුළම නොමැති වෙන්න පුළුවන්.
ඒ නිසා තමයි ඒ කාර්යයන් සඳහා අපිට කාර්යය මණ්ඩලයක් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අද අපි බලමු කොහොමද අදාළ කාර්ය මණ්ඩලය සම්බන්ධ කරගන්නේ කියලා. මේකෙදි විවිධ පාර්ශව ඔයාගේ ව්‍යාපාරයට සම්බන්ධ කරගන්න පුළුවන්.
ඉතින් අද අපි මුලින්ම කතා කරමු employees ලා ගැන. ඔයාගේ business එක සඳහා සේවකයින් බඳවා ගන්නේ කෙසේද සහ ඒ හා සම්බන්ධ නීති මොනවද කියන දේ පියවරෙන් පියවර බලමු.
1 . සේවකයින් බඳවා ගන්න
සේවකයෙකු බඳවා ගැනීමට පෙර, ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය skills ගැන හොඳින් සිතා බලන්න. ඔබට අවශ්‍ය full-time, part-time, fixed-term හෝ casual සේවකයෙක්ද කියන දේ සිතා බලන්න.
Job description පිළිබඳව ඔයා හොඳට අවබෝධ කරගත්තට පස්සේ, ඔයාට ඒ job එක advertise කරන්න, interview කරන්න සහ නිවැරදි අපේක්ෂකයා බඳවා ගන්න පුළුවන්. අපේක්ෂකයෙකු තෝරා ගැනීමේදී සමාන අවස්ථා ලබා දීමට සහ සමානාත්මතාවට අදාළ නීතිවලට අවනත වන බවට වග බලා ගන්න.
ඔබ ඔබේ සේවකයින්ට නිශ්චිත වැටුප්, නිවාඩු සහ අනෙකුත් හිමිකම් ලබා දිය යුතුයි. ඔබේ කාර්ය මණ්ඩලය සඳහා superannuation ගෙවීමටද සිදු වෙනවා.
රැකියාවට අදාළ terms and conditions ඇතුළත් කර නව සේවකයා සඳහා contract එකක් සකස් කරන්න.
අද කතා කරපු හැමදේම සාරාංශයක් විදිහට ගත්තම, ඔයාගේ business එකට employees ලා සම්බන්ධ කරගැනීමට අදාළ ඔයාගේ checklist එක වෙන්නේ;
- ඔබේ කාර්ය මණ්ඩල අවශ්‍යතා හඳුනා ගන්න
- වැටුප්, නිවාඩු, විශ්‍රාම වැටුප් සහ අනෙකුත් හිමිකම් සඳහා ඔබේ වගකීම තේරුම් ගන්න
- ඔබට අවශ්‍ය සේවකයින් බඳවා ගන්න
- employment contract එකක් නිර්මාණය කර අත්සන් කරන්න