අද අපි කතා කරන්නේ ඔයාගේ ගෙදරට අවශ්‍ය ඉවුම් පිහුම් උපකරණ තෝරාගන්න විට වගේම ඒවා මාරු කරන විට අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතු දේවල් කිහිපයක් ගැන. මේක බොහොම සරල දෙයක් වගේ පෙනුනට මේකෙන් ඔයාගෙත් ඔයාගේ පවුලේ අයගෙත් සෞඛ්‍යයට ලොකු බලපෑමක් වේවි.
ගෙදරට අවශ්‍ය ඉවුම් පිහුම් උපකරණ තෝරාගැනීමේදී හෝ මාරු කිරීමේදී සහ ඒවායේ ක්‍රියාකාරිත්වය, කල්පැවැත්ම සහ ඔයාගේ සෞඛ්‍යයට ඇති බලපෑම ගැන ඔයා සොයා බැලිය යුත්තේ මොනවාද?
අලුතෙන් දෙයක් මිලදී ගැනීමට හෝ තිබෙන දෙයක් ප්‍රතිස්ථාපනය කිරීමට පෙර සමස්තයක් ලෙස ඔයාගේ මුළුතැන්ගෙය ගැන සිතීම වැදගත්. මේකෙදී ඔයා නිවසේදී නිතරම පිසින ආහාර වර්ග මොනවද සහ දැනට ඔබ සතුව ඇති උපකරණ මොනවාද යන්න ගැන සිතන්න වෙනවා.
අනවශ්‍ය තරමින් බඩු පුරවා ගන්නවාට වඩා මුළුතැන්ගෙයි ඉඩ ඉතිරි කර ගැනීමත් වැදගත්. විශේෂයෙන් ඔයාට තිබෙන්නේ ඉතා පොඩි kitchen එකක්නම්. මේකෙදි ඉඩ ඉතුරු කරගන්න වගේම වියදම් අඩු කරගන්නත් බහුකාර්ය උපකරණ එහෙමත් නැත්නම් versatile utensils ගැන ඔයාට අවධානය යොමු කරන්න පුළුවන්.
ඒ වගේම සෑම විටම භාණ්ඩයක මිල එහි ගුණාත්මක භාවයට සමාන නොවන බවත් මතක තියාගත යුතුයි. ඔයාට අඩු මුදලකට සාමාන්‍ය supermarket එකකින් වඩා හොඳ භාණ්ඩයක් හමු වෙන්නත් පුළුවන්.
සමහර ද්‍රව්‍ය වඩාත් කල් පවතින ගුණයෙන් යුක්තයි. Restaurant එකක් වගේ වඩාත් කාර්යබහුල තැනකනම් මල නොබැඳෙන වානේ මෙවලම් ගොඩක් හොඳ විකල්පයක්. සමහර වර්ගයේ මල නොබැඳෙන වානේ දිගු කාලයක් පවතිනවා. තවත් සමහරක් ඒවා කාලයක යන විට අළු පැහැයට හැරෙනවා වගේම ගෙවී යන ස්වභාවයක් දැකගන්න පුළුවන්.
බොහෝ දෙනා වඩාත් සෞඛ්‍යාරක්ෂිත විකල්පයක් විදිහට සලකන්නේ ලී උපකරණ. හොඳ තත්ත්වයෙන් තෝරාගත්තොත් සමහර ලී උපකරණ වසර ගණනාවක් උනත් භාවිත කිරීමේ හැකියාව තිබෙනවා.
මෙම ලී උපකරණ වැඩි කාලයක් හොඳින් තබාගන්න ඒවා භාවිත කරන විදිහත් බලපානවා. ඒවා සේදීමේදී උණුසුම්, සබන් වතුර පාවිච්චි කරලා අතින් සෝදා ගන්න එක වගේම පසුව සම්පූර්ණයෙන්ම වියළා ගැනීමත් මේ ලී අයිතමවල ආයු කාලය දීර්ඝ කිරීමට උපකාරී වෙනවා.
ඒ වගේම මේ ලී උපකරණ වල ආයු කාලය දීර්ඝ කරගන්න උදව් වෙන නිෂ්පාදනත් තිබෙනවා. උදාහරණයක් විදිහට beeswax ලීයට ඇතිල්ලීමෙන් දිගු කාලයක් තබාගන්න පුළුවන්.
ඒ වගේම මේ මුළුතැන්ගෙයි භාවිත කරන ලී උපකරණ dishwasher එකට දාන්න එපා. මොකද dishwasher එකට දැමීම ඒවා වියළීමට, විකෘති වීමට, ඉරිතලා යාමට සහ කැඩීමට හේතු වෙනවා.