Claremont නගරයේ සැඟවුණු කතාවක්

  • Home
  • /
  • Blog
  • /
  • Claremont නගරයේ සැඟවුණු කතාවක්

ජනවාරි මාසයේ වැසි සහිත ඉරිදා දිනයක, මෑතකදී වැන්දඹුවක් වූ Palfrey මහත්මිය ඇගේ ඉතිරි කාලය ගත කිරීම සඳහා Claremont හෝටලයට පැමිණෙනවා. නිතරම කුතුහලයෙන් සහා ඕපදූප සමග දවස ගෙවන අසල්වැසියන් පිරිසක් මැද ඇය එහි ජීවිතය ආරම්භ කරනවා. 

මේ අතර අහම්බයෙන් දිනකදී Palfrey මහත්මියට දුප්පත් තරුණ ලේඛකයෙකු වන Ludo මුණ ගැසෙනවා. ඔවුන් දෙදෙනා අතර අනපේක්ෂිත මිත්‍රත්වයක් ගොඩනැගෙන අතර Ludo ඇයව ඔහුගේ නවකතාව සඳහා ආශ්වාදයක් ලෙස දකිනවා. 

මේ මහලු විය වටා බැඳුණු සුවිශේෂීතාව තියුණු ලෙස නිරීක්ෂණය කළ අධ්‍යයනයකින් පසු Elizabeth Taylor විසින් මේ ‘Mrs Palfrey at The Claremont’ නමැති විශිෂ්ඨ නව කතාව ලියවෙනවා. මෙය 1971 දී Booker Prize එක සඳහා shortlist වුණු කෘතියක්.

ටේලර්ගේ විසින් ආශාව සහ තනිකම පිළිබඳ කර ඇති සියුම් ඉදිරිපත් කිරීම මෙහි සාර්ථකත්වයට අතිශයින් හේතු වී තිබෙනවා. එය විටෙක සැහැල්ලු කතාවක් ලෙස දිගහැරුනත් අනුකම්පාව, භීෂණය සහ ප්‍රීතිය ආදී ස්වභාවයන් සමහර විට එකවරම ඇති කිරීමට සමත් වෙනවා. 

Elizabeth Taylor 20 වන සියවසේ සිටි හොඳම බ්‍රිතාන්‍ය ලේඛිකාවන්ගෙන් කෙනෙකු ලෙස වැඩි වැඩියෙන් පිළිගැනීමට ලක් වෙන කතුවරියක්. අගේ මෙම කෘතිය Chatto & Windus විසින් 1971 ජනවාරි 1 දින පළමු වරට ප්‍රකාශයට පත් කළා.

ඇය සැබෑ ජීවිතය ඇති සියලු සංකීර්ණතාවයන් ඉතා අලංකාරව කෘතියට නගා ඇති අතර මෙම තියුණු හා මානුෂීය කෘතිය ඔබ කියවිය යුතුම පොතක්.

Don't forget to share this post!

Recent Posts

504
October 16, 2025