ඕස්ට්‍රේලියාවට Tesla ගෙනෙන අලුත්ම වාහනය

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවට Tesla ගෙනෙන අලුත්ම වාහනය

ටෙස්ලා විසින් Model Y Performance SUV රථය ඕස්ට්‍රේලියාවට පැමිණෙන බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙහි තොගය 2025 අග භාගයේදී පැමිණීමට නියමිතයි.

Model Y line-up එකේ උඩින්ම ඉන්න මෙහි මිල $96,000 ක් පමණ වෙනවා. මෙය Long Range AWD Model Y ($74,620 drive-away) සහ rear-wheel drive Model Y ($64,120 drive-away) මාදිලි වලට වැඩ සැලකිය යුතු මට්ටමක් ඉහලින් සිටිනවා. එය Model 3 Performance version එකට වඩා $10,000 ක් පමණ වැඩියි.

වැදගත් කරුණනම් එය සුඛෝපභෝගී මෝටර් රථ බදු සීමාව යටතේ පැවතීමයි. එනම් නවීකරණය කරන ලද ලීසිං මත, විදුලි වාහන සඳහා වන රජයේ අමතර ප්‍රතිලාභ බදු නිදහස් කිරීම සඳහා ගැනුම්කරුවන් තවමත් සුදුසුකම් ලබනවා.

මෙම මාදිලිය තත්පර 3.5 කින් (තත්පර 3.7 සිට පහළට) 0-100km/h වේගයක් ලබා ගැනීමට හැකියාව ඇති 343kW ක් ලබා දෙන dual-motor powertrain එකක් භාවිතා කරනවා. එය standa4rd Long Range version එකට වඩා තත්පරයකින් වේගවත්. මෙහි උපරිම වේගය 250km/h යි. එය වේගවත්ම Model Y එක වුවද, range charts වල ඉහළින්ම සිටීමට එයට හැකියාව නැහැ.

ටෙස්ලා කියා සිටින්නේ එය තනි ආරෝපණයකින් 580km (WLTP) ලබා දෙන බවයි. එය Long Range All-Wheel model (600km WLTP) ට වඩා අඩු නමුත් Rear-wheel drive version (466km WLTP) ට වඩා වැඩියි.

 

 

Image credit goes to by : https://www.electrive.com

Don't forget to share this post!

Recent Posts

504
October 16, 2025