කලින් articles වලින් අපි ශ්‍රී ලංකාවෙන් පිටත දී ඉපදුණු දරුවෙකුගේ උප්පැන්න සහතිකය සහ පුරවැසි සහතිකය මෙහෙ සිටම හදාගන්න ආකාරය ගැන කතා කළා. ඊළඟට අපි කතා කලේ ලංකාවෙන් පිටත සිට මරණයක් ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා.
1981 අංක 04 දරන Sri Lanka Consular Functions පනතේ රෙගුලාසි යටතේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ/ ද්විත්ව පුරවැසියන්ගේ මරණ ලියාපදිංචි කිරීමට ඕස්ට්‍රේලියාවේ සිටින ඔබටත් පුළුවන්. මේ සඳහා මරණය පිළිබඳ තොරතුරු සපයන්නා මව, පියා, කලත්‍රයා, දරුවා හෝ සහෝදරයා විය යුතුයි.
ඒ සඳහා අයදුම් කරන ආකාරය, අයදුම්පත ලබාගන්න විදිහ, අවශ්‍ය සහය ලියකියවිලි මොනවද සහ අදාළ ගෙවීම කරන්නේ කොහොමද කියන එක ගැන කලින් articles වලින් කිව්වා. අද අපි බලමු මරණ සහතිකයේ වෙනසක් කරගන්න කරන විදිහ.
මරණ සහතිකය සංශෝධනය කිරීම
මේක අවස්ථා 2ක් යටතේ සලකා බලනවා.
1 . ඕස්ට්‍රේලියාවේ (Victoria, South Australia & Tasmania) මරණයක් සිදුවී මෙම කාර්යාලය හරහා මරණය ලියාපදිංචි කර ඇත්නම්:
සහතිකය ලැබුණු දින සිට දින 07ක් ඇතුළත මරණ සහතිකයට කළ යුතු වෙනස්කම්/සංශෝධන තිබෙනවා නම් ඔයා ඒ බව ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට දැනුම් දිය යුතු අතර සහතිකය වහාම එම කාර්යාලයට ආපසු ලබා දිය යුතුයි.
ඔබ දින 07ක් ඇතුළත දැනුම් දී නොමැති නම්, අදාළ ලියකියවිලි සහ ගාස්තුව සමඟ උප්පැන්න සහතිකයේ කළ යුතු වෙනස්කම්/සංශෝධන සඳහා ප්‍රකාශය එම කාර්යාලයට ඉදිරිපත් කළ යුතුයි. අයදුම්කරන කෙනා මියගිය පුද්ගලයා සමඟ ඔහුගේ/ඇයගේ සම්බන්ධතාවය ඔප්පු කර පෙන්වීමත් අවශ්‍ය වෙනවා.
ඔබ විසින් අත්සන් කරන ලද ඉල්ලීම් ලිපියක්, ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් නිකුත් කරන ලද මරණ සහතිකයේ පිටපතක් සහ අවශ්‍ය වෙනස් කිරීම පිළිබඳ ලේඛනමය සාක්ෂි ද ඉදිරිපත් කළ යුතුයි. මෙය එක් එක් අවස්ථාවේ හැටියට වෙනස් විය හැකියි. උදාහරණයක් විදිහට මරණ සහතිකයේ මියගිය අයගේ දෙමව්පියන්ගෙන් කෙනෙකුගේ විස්තර වෙනස් කිරීමට ඔබට අවශ්‍ය නම්, මියගිය අයගේ දෙමව්පියන්ගේ මුල් උප්පැන්න සහතිකය නිවැරදි විස්තර සහිතව ඉදිරිපත් කළ යුතුයි.
ඔබගේ ඉල්ලීම ශ්‍රී ලංකාවේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට යොමු කරනු ලබන අතර ඔවුන්ගේ අනුමැතියෙන් පසු මරණ සහතිකය සංශෝධනය කෙරෙනවා. සංශෝධිත මරණ සහතිකය සූදානම් වුනාට පස්සේ ඔයාට e-mail පණිවිඩයක් හරහා දැනුම් දෙනවා.
2 . ශ්‍රී ලංකාවේ මරණය සිදුවී ලියාපදිංචි කර ඇත්නම්:
ඔයා ප්‍රකාශය අදාළ ලේඛන සමඟ ශ්‍රී ලංකාවේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කළ යුතුයි. ඉදිරිපත් කරන ප්‍රකාශයේ සහ අදාළ ලේඛනවල ඔබේ අත්සන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා සහතික කරන්න පුළුවන්.
ලේඛන සහතික කළ හැක්කේ ඒවා ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් නිකුත් කර ඇත්නම් සහ මුල් පිටපත් සමඟ ඉදිරිපත් කර ඇත්නම් පමණයි. අයදුම්කරු මියගිය පුද්ගලයා සමඟ ඔහුගේ/ඇයගේ සම්බන්ධතාවය තහවුරු කිරීමත් අනිවාර්ය වෙනවා.
උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ (110 වන පරිච්ඡේදය) 52 (1) වගන්තිය යටතේ වන ප්‍රකාශය ඔයාට ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ වෙබ් අඩවියෙන් download කරගන්න පුළුවන්.
වැඩි විස්තර සඳහා, ශ්‍රී ලංකාවේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව අමතන්න.
CONSULATE GENERAL OF SRI LANKA IN MELBOURNE
Suite 536, No. 1 Queens Road (St. Kilda Road Towers), Melbourne VIC 3004
(03) 9290 4200
(03) 9867 4873 (Fax)