ඕස්ට්‍රේලියාවෙන් සොයාගත් අරුම පුදුම ළූණු වර්ගය

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවෙන් සොයාගත් අරුම පුදුම ළූණු වර්ගය

මේ සතියේ Woolworths වෙළඳසැලකට ගිය සංචාරකයෙක් vegetable section එකේ අසාමාන්‍ය දෙයක් දුටු අතර ඇගේ සොයාගැනීම බොහෝ ඕස්ට්‍රේලියානුවන් පුදුමයට පත් කරලා තිබෙනවා.

කැනඩාවේ Kyra Poutanen බටහිර ඕස්ට්‍රේලියාවේ Woolies එකක red onion display එකේ තත්පර පහක කෙටි TikTok වීඩියෝවක් පළ කළා.

“කවුරුහරි උදව් කරන්න … මේක බටහිර ඕස්ට්‍රේලියාවේ දෙයක්ද? මම මීට පෙර කවදාවත් මේක දැකලා නැහැ!” යනුවෙන් ඇය වීඩියෝවේ පැවසූ අතර, එය පෙර පොතු ඉවත් කරන ලද රතු ළූණු ප්‍රදර්ශනය කර ඇති බව පෙන්නුම් කළා.

ඒ වගේම එම සියළුම ළූණු වල උඩ සහ යට කොටස් (Tunic එක සහ Basal plate එක) කපා දමා ඇති බවත් සම්පූර්ණයෙන්ම පොතු ඉවත් කර ඇති බවත් දක්නට තිබුණා. සාමාන්‍යයෙන්, ඕස්ට්‍රේලියාවේ ළූණු විකුණනු ලබන්නේ ඒවායේ පොතු එසේම තිබියදීයි.

“පෙර ලෙලි ඉවත් කරන ලද ළූණු … මොකක්? Woolies හි ඔවුන් සතුව තිබූ එකම රතු ළූණු” යනුවෙන් Poutanen සටහන් කර තිබුණා.

මේ ගැන අදහස් දැක්‌වූ බොහෝ දෙනා කිව්වේ මීට කලින් කවදාවත් මේ වගේ දෙයක් දැකලා නැහැ කියලයි.

සමහරක් අය එය මිලදී නොගත යුතු බවට අදහස් දක්වද්දී තවත් පිරිසක් ඒ පිලිබඳ පුදුමය පල කළා. සමහර අය ප්‍රශ්න කලේ එහි සනීපාරක්ෂාව පිළිබඳවයි. මෙම ළූණු වලට බැක්ටීරියා අවශෝෂණය කල හැකි බව ඇතැමෙක් කිව්වා.

ආහාර සුරක්ෂිතතා විශේෂඥයින් සඳහන් කරන්නේ ළූණු නිසි ලෙස හසුරුවා ගබඩා කර ඇත්නම් ඒවා කපා දැමූ පසු විශේෂයෙන් අවදානමට ලක් නොවන බවයි.

තමන් කවදාවත් පොත්ත සහිතව ළූණු විකුනනවා දැක නැති බව Perth වල අයෙක් පවසා තිබුණා.

මෙය WA වලට අනන්‍ය දෙයක් බව වටහාගෙන ඇති අතර, එහි වැඩෙන තත්වයන් යටතේ රතු සහ සුදු ළූණු වල පිටත පොත්තේ ගුණාත්මකභාවය බොහෝ විට නැගෙනහිර ප්‍රාන්තවලට වඩා වෙනස් බව හඳුනාගෙන තිබෙනවා.

වඩාත් ආකර්ශනීය පෙනුමක් නිෂ්පාදනයට එකතු කිරීමට සහ නැවුම්බව පවත්වා ගැනීමට, WA හි සියලුම සුපිරි වෙළඳසැල් මේ විදිහට ළූණු පොතු ඉවත් කර විකුණනවා.

“අපි වසර 20 කට වැඩි කාලයක් තිස්සේ මෙම ‘පොතු රහිත’ රතු සහ සුදු ළූණු පිරිනමන අතර ඒවා අපගේ ගනුදෙනුකරුවන් අතර අතිශයින් ජනප්‍රියයි” යනුවෙන් 2022 දී ‘Coles’ news.com.au වෙත පවසා තිබුණා.

එය වසර ගණනාවක් තිස්සේ පවතින දෙයක් නිසා ප්‍රදේශවාසීන්ට එය එතරම් වැදගත් නොවූවත්, ජාත්‍යන්තර සංචාරකයින් හෝ වෙනත් ප්‍රාන්තවලින් ගමන් කරන අය එයින් පුදුමයට පත් වීම පුදුමයක් නොවෙයි.

Don't forget to share this post!

Recent Posts

504
October 16, 2025