කලින් articles වලින් අපි ශ්‍රී ලංකාවෙන් පිටත දී ඉපදුණු දරුවෙකුගේ උප්පැන්න සහතිකය සහ පුරවැසි සහතිකය මෙහෙ සිටම හදාගන්න ආකාරය ගැන කතා කළා. ඊළඟට අපි කතා කලේ ලංකාවෙන් පිටත සිට මරණයක් ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා.
1981 අංක 04 දරන Sri Lanka Consular Functions පනතේ රෙගුලාසි යටතේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ/ ද්විත්ව පුරවැසියන්ගේ මරණ ලියාපදිංචි කිරීමට ඕස්ට්‍රේලියාවේ සිටින ඔබටත් පුළුවන්. මේ සඳහා මරණය පිළිබඳ තොරතුරු සපයන්නා මව, පියා, කලත්‍රයා, දරුවා හෝ සහෝදරයා විය යුතුයි.
ඒ සඳහා අයදුම් කරන ආකාරය, අයදුම්පත ලබාගන්න විදිහ, අවශ්‍ය සහය ලියකියවිලි මොනවද, අදාළ ගෙවීම කරන්නේ කොහොමද සහ ලබාගත් මරණ සහතිකයේ වෙනස්කම් කරගන්නේ කොහොමද කියන එක ගැන කලින් articles වලින් කිව්වා. අද අපි බලමු මරණ සහතිකයේ පිටපතක් ලබාගන්න විදිහ.
මරණ සහතිකයේ පිටපතක් ලබා ගැනීම
මේකෙදිත් සලකා බලන්න වෙන අවස්ථා 2ක් තිබෙනවා. ඒවා වෙන වෙනම බලමු.
1 . ඕස්ට්‍රේලියාවේ (Victoria, South Australia & Tasmania) මරණය සිදුවී ඕස්ට්‍රේලියාවේ කොන්සල් ජනරාල් කාර්යාලය හරහා මරණය ලියාපදිංචි කර ඇත්නම්:
මේ වගේ අවස්තාවකදී ඔයා කොන්සල් ජනරාල් කාර්යාලයට එන්න කලින් මරණ සහතිකයේ විස්තර [මියගිය පුද්ගලයාගේ නම, මරණ දිනය, අයදුම්පත්‍රයේ යොමු අංකය (තිබේ නම්) ආදිය] සමග mail@slcgmel.org කියන email address එකට mail එකක් දාලා ඉල්ලීමක් ඉදිරිපත් කරන්න.
අයදුම්පත ඉදිරිපත් කරලා (අදාළ අයදුම්පත කොන්සල් ජනරාල් කාර්යාලයේ නිල වෙබ් අඩවියෙන් download කරගන්න පුළුවන්) අදාළ ගෙවීම සිදු කලාට පස්සේ ඔයාට මරණ සහතිකයේ පිටපත කොන්සල් ජනරාල් කාර්යාලයේ කවුන්ටරයෙන් ලබා ගන්න පුළුවන්. අයදුම්කරන කෙනා මියගිය පුද්ගලයා සමඟ ඔහුගේ/ඇයගේ සම්බන්ධතාවය ඔප්පු කර පෙන්විය යුතුයි.
2 . ශ්‍රී ලංකාවේ මරණය සිදුවී ලියාපදිංචි කර ඇත්නම්:
ඔයා අයදුම්පත අදාළ ලියකියවිලි සමඟ ශ්‍රී ලංකාවේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කළ යුතුයි. අයදුම්පතේ සහ අදාළ ලේඛනවල ඔයාගේ අත්සන ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා සහතික කරගන්න පුළුවන්.
ලේඛන සහතික කළ හැක්කේ ඒවා ශ්‍රී ලංකා බලධාරීන් විසින් නිකුත් කළ මුල් පිටපත් සමඟ ඉදිරිපත් කර ඇත්නම් විතරයි. අයදුම්කරු මියගිය පුද්ගලයා සමඟ ඔහුගේ/ඇයගේ සම්බන්ධතාවය සහතික කර පෙන්විය යුතුයි.
වැඩිදුර තොරතුරු සඳහා, ශ්‍රී ලංකා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව අමතන්න: (03) 9290 4200
මරණ සහතිකයේ පිටපතක් සහ / හෝ අනෙකුත් ලේඛන සඳහා අයදුම්පත download කරගන්න: https://www.slcgmel.org/registration-death-outside-sri-lanka/
සහතික ලබා ගැනීම
මෙම සහතික ඔයාට ලබාගත හැකි පරිදි සූදානම් වුණාට පස්සේ ඒ බව ඔයාට email පණිවිඩයක් හරහා දැනුම් දෙනවා.
මේක ලබාගන්න කලින් වෙලාවක් වෙන් කරවා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනෑම වැඩ කරන දවසක පෙ.ව. 9:15 – 9:30 හෝ ප.ව. 1:30 – 1:45 අතර කොන්සල් ජනරාල් කාර්යාලයට ගිහින් සහතිකය ලබා ගන්න පුළුවන්.
ඔයාට ලියාපදිංචි තැපෑලෙන් සහතිකය ලබා ගන්න අවශ්‍ය නම්, මියගිය පුද්ගලයාගේ නම, මරණ දිනය, අයදුම්පත් යොමු අංකය සහ ලේඛනය ලැබිය යුතු තැපැල් ලිපිනය සමඟ ඒ බව reply කරන්න. එවිට tracking number එක ඔයාට email එකක් මගින් ලබා දෙනවා.
තෙවන පාර්ශවයක් විසින් මරණ සහතිකය ලබා ගන්නවානම් අයදුම් කල කෙනා එම තෙවන පාර්ශවයට අවසර ලිපියක් ලබා දිය යුතුයි.