ඔයා ලංකාවට එන්න VISA ගන්න ඕනෙද?

  • Home
  • /
  • Blog
  • /
  • ඔයා ලංකාවට එන්න VISA ගන්න ඕනෙද?

අද අපි කියන්න යන්නේ ශ්‍රී ලංකාවට එන්න තිබිය යුතු visa අවශ්‍යතා ගැන. ඔයා මේ වෙනකොට ශ්‍රී ලංකික පුරවැසි බව අත්හැර ඇති කෙනෙක් වුනත්, ද්විත්ව පුරවැසියෙක් වුනත් කවුරු උනත්, ශ්‍රී ලංකාවට එන්න අවහ්‍ය VISA අවශ්‍යතා ගැන අපි කතා කරමු.

ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අයදුම්කරුවෙකුට වීසා බලපත්‍රයක් නිකුත් කරනු ලබන්නේ;

  • අයදුම්කරු ශ්‍රී ලංකාවට ඇතුළු වීමට සුදුසු බවට දෙපාර්තමේන්තුව සෑහීමකට පත් වේ නම්
  • ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ අරමුණ දෙපාර්තමේන්තුව අනුමත කරයි නම්
  • ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණි දින සිට අවම වශයෙන් මාස 6 ක් සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් අයදුම්කරු සතුව තිබේ නම් 
  • ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට සහ උපන් රටට නැවත පැමිණීමට ප්‍රමාණවත් අරමුදල් අයදුම්කරු සතුව ඇති බවට දෙපාර්තමේන්තුව සෑහීමකට පත්වේ නම්
  • උපන් රටට හෝ ඉදිරියට වෙනත් ගමනාන්තයකට නැවත පැමිණීමට ලිඛිත සහතිකයක් (ටිකට් පතක්) අයදුම්කරු සතුව තිබේ නම් යන අවස්ථා වලදීයි.

ශ්‍රී ලංකාවට ඇතුළු වීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන පුද්ගලයින් වන්නේ;

  • ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියන් (විදේශ ගමන් බලපත්‍රයේ ද්විත්ව පුරවැසිභාවය සහතික කිරීම/අනුමත කිරීම entry එකේදී ලබා දිය යුතුය)
  • 1948 ශ්‍රී ලංකා පුරවැසි පනතේ 5(2) වගන්තිය යටතේ උපත සහ පුරවැසිභාවය ලියාපදිංචි කර ඇති, විදේශයන්හි උපත ලැබූ, වයස අවුරුදු 21 ට අඩු දරුවන්. (ශ්‍රී ලාංකික පුරවැසි සහතිකය/විදේශ ගමන් බලපත්‍රයේ සහතිකය entry එකේදී  ලබා දිය යුතුය)
  • ශ්‍රී ලාංකික දෙමව්පියන්ට දාව ශ්‍රී ලංකාවේ උපත ලැබූ වයස අවුරුදු 21 ට අඩු දරුවන්. (ශ්‍රී ලාංකික උප්පැන්න සහතිකය/විදේශ ගමන් බලපත්‍රයේ සහතිකය entry එකේදී ලබා දිය යුතුය)
  • වයස අවුරුදු 12 ට අඩු බාලවයස්කරුවන්. (ETA අයදුම් කළ යුතුය, වීසා ගාස්තුව පමණක් නිදහස් කෙරේ)

ශ්‍රී ලාංකිකයෙක් නොවන කෙනෙක්ට ලංකාවට එන්න අවශ්‍ය වෙන VISA වර්ග ගැන වෙනම article එකකින් කතා කරමු.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025