තමන්ගේම business එකක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට අවශ්‍ය හැමදේම පියවරෙන් පියවර අපි මේ ලිපි මාලාවෙන් කතා කරනවා.
Business එකක් පටන් ගන්න කලින් පරීක්ෂා කළ යුතු දේවල්, තීරණය කල යුතු දේවල් සහ කළ යුතු දේවල් මොනවද?, business එක හරියට define කරගන්නේ කොහොමද? business එකේ ව්‍යුහය, නම සහ ස්ථානය වගේ දේවල් තීරණය කරගන්න විදිය, business එකට ගැලපෙන Business Plan එක හදාගන්න විදිහ, Business එක Register කරන ආකාරය, Business එකට අදාළ මූල්‍ය කටයුතු සංවිධානය කරගන්න ආකාරය, ව්‍යාපාරය promote කරන්නේ කෙසේද, ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වන්නේ කෙසේද සහ ඔයාගේ Business එකට හරියට Employees ලා, contractors ලා සහ පුහුණු සේවකයන් බඳවා ගන්න විදිහ ගැන අපි කලින් articles වලින් කතා කළා.
දැන් ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය හැමදේම හරි. අද අපි අවසාන වශයෙන් කතා කරන්න හදන්නේ වැදගත්ම දේ. ඒ තමයි ව්‍යාපාරයේ ආරක්‍ෂාව.
ඔබේ ව්‍යාපාරය ආරක්ෂා කරන්න
නීතිමය ගැටළු, ආරක්ෂක ගැටළු, කීර්ති නාමයට හානි වීම සහ අනපේක්ෂිත සිදුවීම් වලින් ඔයාගේ අලුත් business එක ආරක්ෂා කරගන්න හැටි තමයි මේ කතා කරන්නේ.
ආරක්‍ෂාව සහතික කිරීම කියන්නේ දිගු කාලීන සාර්ථකත්වයක් අත්විඳින්න ඔබවම සූදානම් කරගැනීමක්
ඔබේ ව්‍යාපාරය සාර්ථකව ආරම්භ කර පවත්වාගෙන යාමට කල යුත්තේ;
- නිවැරදි insurance එකක් ලබා ගැනීම සහ අවදානම් කළමනාකරණය කිරීම
- cyber ආරක්‍ෂාව පිලිබඳ සැලකිලිමත් වීම
- ඔබේ finances අධීක්‍ෂණය කිරීම
- ඔබේ වෙළඳ නාමය සහ කීර්ති නාමය ආරක්ෂා කිරීම
- නීති අවබෝධ කර ගැනීම සහ අනුගමනය කිරීම
- කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව සහතික කිරීම
- ස්වභාවික විපත් සහ හදිසි අවස්ථා සඳහා සූදානම් වීම
ඔබේ ව්‍යාපාරය ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් වන පියවර කිහිපයක්ම business.gov.au වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.