Road Trip එකක් යනවිට අමතක කරන දේවල්

  • Home
  • /
  • Blog
  • /
  • Road Trip එකක් යනවිට අමතක කරන දේවල්

කලින් article එකකින් අපි කිව්වා road trip එකක් යන්න ඉන්න ඔයාට බාධාවක් නැතුව ගමන ගිහින් එන්න පුළුවන් වෙන විදිහට ඔයාගේ වාහනය check කරලා හදාගන්නේ කොහොමද කියන එක සහ ඔයාගේ road trip එක හරියටම plan කරගන්න විදිහ.

අද අපි බලමු ඔයා අමතක නොකර අරගෙන යා යුතු දේවල් මොනවද කියලා.

ඕනෑවට වඩා දේවල් රැගෙන යාම නිසා ඔයාගේ වාහනය ධාවනය කිරීම අපහසු වෙන්න පුළුවන් වගේම වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැය වෙන්න ඉඩ තිබෙන බවත් මතක තබා ගන්න. ඔයාට අත්‍යවශ්‍ය දෑ ඇසුරුම් කරන්න. ඒ වුනත් අධික ලෙස පටවන්න එපා. ඒ වගේම හදිසි අවස්ථාවක් සඳහා පහත දේවල් ඇතුලත් කරගෙන තියෙනවද කියලා පරීක්ෂා කරන්න.

Emergency kit: ලොකු දුරක් drive කරන නිසා අවශ්‍ය වෙන, snacks, වතුර, blanket එකක් සහ first aid kit එකක් ඇතුළත් emergency kit එකක් රැගෙන යන්න. ඒ වගේම ඔයාගේ phone charger එක සහ spare tyre එකක් අරගෙන යන්න අමතක කරන්න එපා.

Remote communications: ඔයා phone reception එක අඩු දුරස්ථ ප්‍රදේශයකට යනවා නම්, satellite phone එකක් අරගෙන යන එක ප්‍රයෝජනවත් වෙයි.

අරගෙන යන ද්‍රව්‍ය වගේම තවත් වැදගත් දෙයක් තමයි contact details. ඔයා යන අතරමැද දී කිසියම් ගැටළුවක් ඇති වුවහොත්, අත්‍යවශ්‍ය contacts සූදානම්ව තබා ගන්න. උදාහරණ විදිහට;

Car insurance details: ඔයාගේ phone contacts වල අනිවාර්යයෙන්ම රක්ෂණකරුගේ claims phone number එක තබා ගන්න.

Roadside assistance: කුමක් හෝ හදිසි බිඳවැටීමකදී අවශ්‍ය සහය ලබා ගන්න Roadside assistance සඳහා ඇමතිය යුත්තේ කාටදැයි කියන එක සොයා බලා අදාළ contacts සූදානමෙන් තබාගන්න.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025