සම්භාව්‍ය සංගීතයෙන් අපරාධ වළක්වන හැටි දන්නවද?

  • Home
  • /
  • Blog
  • /
  • සම්භාව්‍ය සංගීතයෙන් අපරාධ වළක්වන හැටි දන්නවද?

අපරාධ වළක්වා ගන්න සංගීතය භාවිත කිරීම ලොව දියුණු රටවල භාවිත කළ ක්‍රමයක්. සුප්‍රසිද්ධ 7-Eleven වල 1980 ගණන් වල සිට සාපු අවට ළමුන් ගැවසීම වලක්වා ගන්න සම්භාව්‍ය සංගීතය භාවිත කරලා තිබෙනවා.

2003 සිට London station එකේ මේ ක්‍රමය අත්හදා බැලූ අතර අපරාධ සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කරගන්න මේක උදව් වෙලා තිබෙනවා. 

2023 දී ඇමරිකාවේ හි Westlake MacArthur Park Station එකෙත් මේ විදිහට classical music play කරන්න පටන් ගත් අතර සැලකිය යුතු ප්‍රමාණයකින් අපරාධ අඩු කරගන්න මේ ක්‍රමය උපකාර වෙලා තිබෙනවා.

ඉතින් වෙනත් රටවල විතරක් නෙවෙයි, මේක ඕස්ට්‍රේලියාව තුලත් සාර්ථකව ක්‍රියාත්මක කරපු ක්‍රමයක්.

2013 දී, වික්ටෝරියා වල Knox පොලිසිය රාත්‍රියේ සාප්පු මධ්‍යස්ථාන අසල ගැවසීම වැළැක්වීම සඳහා මේ ක්‍රමය භාවිත කළා. Beethoven and Bach වැනි අයගේ සංගීත නාදයන් speakers හරහා ප්‍රචාරය කරා. 

ඔවුන් මේ සඳහා යොදා ගත්තේ සාමාන්‍යයෙන් තරුණයන්ගේ රුචිකත්වයට නොගැලපෙන සංගීතය. ඒ මගින් ඔවුන් ඒ අවට ගැවසීම වළක්වා ගන්න පුළුවන් වුණා. එය සැබවින්ම ප්‍රතිඵලදායක වූ බව වාර්තා වෙනවා.

මෙය එතරම් ධනාත්මක ක්‍රමයක් නොවුණු නිසාත් හැම දෙනාටම ඉන් හිතකර බලපෑමක් නොවුණු නිසාත් මේ ක්‍රමය එතරම ප්‍රචලිත වුණේ නම් නැහැ.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025