සඳුදා ආරම්භ වන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටෝකියෝ සංචාරයට පෙර Tokyo Metropolitan Police Department එක ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොලිසිය විශේෂ ආරක්ෂක මූලස්ථානයක් පිහිටුවා ඇති අතර ආරක්ෂාව සැපයීම සඳහා පුද්ගලයින් 18,000ක් පමණ යොදවා තිබෙනවා.
ටෝකියෝ හි Minato Ward එකේ එක්සත් ජනපද තානාපති කාර්යාලය වටා මුර සංචාරයේ යෙදීමට වාහන මුරපොලවල් සහ ආරක්ෂක සුනඛයන් යොදා ගැනෙනවා.
හදිසි අවස්ථාවක් සඳහා සූදානම් වීමට, පොලිසිය submachine guns, explosive ordnance disposal and chemical protection unit, ඩ්‍රෝන යානා හැසිරවිය හැකි ඒකකයක් සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගත හැකි ආරක්ෂක සුනඛයන්ගෙන් සමන්විත හදිසි ප්‍රතිචාර කණ්ඩායමක් (Emergency Response Team – ERT) යොදා ගැනෙනවා.
බදාදා දක්වා පවතින ට්‍රම්ප්ගේ සංචාරය අතරතුර, ප්‍රධාන වශයෙන් මධ්‍යම ටෝකියෝවේ මෙට්‍රොපොලිටන් අධිවේගී මාර්ගයේ මෙන්ම අනෙකුත් වීදිවල රථවාහන සීමා කිරීම් ක්‍රියාත්මකයි.
ප්‍රධාන දුම්රිය ස්ථානවල මුර සංචාර වැඩි කර ඇති අතර දුම්රිය ස්ථානවල coin lockers භාවිතා කිරීමට අවසර නැහැ.
රථවාහන තදබදයක් අපේක්ෂා කරන බැවින්, හැකිතාක් පෞද්ගලික මෝටර් රථ භාවිතා කිරීමෙන් වළකින ලෙසත්, පිටතට යන විට පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ලෙසත් මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
කලින් අවස්ථා 2 කදී පමණ Trump ඝාතනය කිරීමට උත්සහ ගැනුණු අතර නැවතත් ඔහු වෙත හුදකලා ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බව විස්වාස කෙරෙනවා. ඒ හේතුවෙනුයි මෙලෙස ආරක්ෂාව දැඩි කර තිබෙන්නේ.