ශ්‍රී ලංකාව වෙත නව ගුවන් සමාගම් රැසක්

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාව වෙත නව ගුවන් සමාගම් රැසක්

බටහිර රටවලට ශීත සමය උදා වීමත් සමග ගුවන් සමාගම් රැසක් ශ්‍රී ලංකාවට තම ගුවන් ගමන් සේවා පුළුල් කරලා තිබෙනවා. මේ සමග නව ගුවන් සමාගම් කිහිපයක් ශ්‍රී ලංකාව ඔවුන්ගේ මාර්ග ජාලයට එකතු කරගෙන ඇති අතර, පවතින ගුවන් සමාගම් වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා ධාරිතාව වැඩි කරමින් සිටිනවා.

Enter Air 2025 ඔක්තෝබර් 30 වන දින Warsaw සිට කොළඹ (BIA) දක්වා නිතිපතා charter flights ආරම්භ කරන අතර 2026 අප්‍රේල් මැද භාගය දක්වා සෑම දින දහයකට වරක් බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක වෙනවා.

Beijing Capital Airlines 2026 ජනවාරි මාසයේදී Beijing Daxing ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට කොළඹ (CMB) දක්වා නියමිත ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර සතියකට ගුවන් ගමන් 2ක් සිදු කරනවා.

මේ අතර, Qantas සමූහයේ (ඕස්ට්‍රේලියාවේ) අනුබද්ධිත සමාගමක් වන Jetstar ද 2026 දී කොළඹ දක්වා ගුවන් ගමන් වල වෙනසක් සිදී කිරීමට සැරසෙනවා. තවත් ජාත්‍යන්තර ගුවන් සමාගම් කිහිපයක් ද මේ සඳහා යොමු වී ඇති අතර, එය ශ්‍රී ලංකා වෙළඳපොළ කෙරෙහි ගෝලීය උනන්දුව අඛණ්ඩව පවතින බව පෙන්නුම් කරනවා.

ඉහළ යන මගී ඉල්ලුම කළමනාකරණය කිරීම සඳහා, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (Airport and Aviation Services Sri Lanka – AASL) විසින් 2025 නොවැම්බර් 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි BIA හි අතිරේක පිරික්සුම් කවුන්ටර 12 ක් පිහිටුවා ඇති අතර, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සමඟ සහයෝගයෙන්, ධාරිතා සීමාවන් ලිහිල් කිරීම සඳහා තාවකාලික පිවිසුම් ස්ථානයක් ආරම්භ කර තිබෙනවා.

මෙම ව්‍යාප්තිය 2025 මුල් භාගයේ අත්දුටු ශක්තිමත් මගී වර්ධනයට සමගාමීව සිදු වන අතර, ජනවාරි-සැප්තැම්බර් මාසය වන විට මගීන් මිලියන 7.5 කට වඩා හසුරුවා ඇති අතර, සංචාරකයින් මිලියන 1.7 කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ සිට Edelweiss ගුවන් සේවයේ මංගල ගුවන් යානය ඊයේ උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඒ අතර Belavia සහ Red Wings ගුවන් සේවාද බෙලරූස් සහ රුසියාවේ සිට මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

Don't forget to share this post!

Recent Posts

548
October 30, 2025