ඕස්ට්‍රේලියාවේ පහළ යන ඉන්ධන මිල! නත්තලටත් සහන ලැබෙයිද?

ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිල අවසානයේ පහළ යාමට පටන් ගෙන ඇති අතර නොවැම්බර් මැද සිට මිල ගණන් 20% කින් පමණ අඩු වී තිබේ. NRMA නවතම දත්තවලට අනුව Sydney හි unleaded petrol ලීටරයක සාමාන්‍ය මිල ඩොලර් 2.04 දක්වා පහළ බැස ඇති අතර ඇතැම් ප්‍රදේශවල එය ඩොලර් 2 ට වඩා අඩුවෙන් (Canley Vale හි ඩොලර් 1.77 කට) අලෙවි වේ. එමෙන්ම Sydney හි diesel ලීටරයක සාමාන්‍ය මිල ඩොලර් 2.60 ක් දක්වා අඩු වී ඇති අතර, Brisbane, Melbourne, Adelaide සහ Perth වැනි අනෙකුත් ප්‍රධාන නගරවලද unleaded petrol ඩොලර් 1.79 ත් 1.82 ත් අතර අවම මිල ගණන්වලට ලබාගත හැකි වී තිබේ.

මෙම මිල පහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ Malaysian Tapis crude oil මිල 20% කින් අඩු වීමයි. NRMA ප්‍රකාශක Peter Khoury පවසන පරිදි ඇමරිකා-ඉරාන යුද්ධයේ උණුසුම තරමක් අඩු වීම, නොවැම්බර් මාසයේ පැවති US midterm elections ප්‍රතිඵල සහ Strait of Hormuz හරහා තෙල් නැව් ගමනාගමනය යළි ඉහළ යාම හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මෙලෙස පහළ ගොස් ඇත.

කෙසේ වෙතත් එළඹෙන නත්තල් නිවාඩු සමයේදීත් මෙම මිල අඩුවීම එලෙසම පවතීදැයි සහතික කළ නොහැකි බව විශේෂඥයෝ අනතුරු අඟවති. මැදපෙරදිග තත්ත්වය තවමත් අස්ථාවර බැවින් ගැටුම් යළි උත්සන්න වුවහොත් හෝ නාවික මාර්ගවලට බාධා එල්ල වුවහොත් ඉන්ධන මිල යළිත් වේගයෙන් ඉහළ යා හැකි බව Peter Khoury සහ Swinburne විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන විශේෂඥ Hussein Dia පෙන්වා දෙති. යුද්ධයට පෙර පැවති ඩොලර් 1.55 – 1.70 වැනි සාමාන්‍ය මිල ගණන් වෙත යළි පැමිණීමට නම් කලාපයේ ස්ථිර සාමයක් ඇති වී Strait of Hormuz හරහා බාධාවකින් තොරව වෙළඳාම සිදු විය යුතු බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

Don't forget to share this post!

Recent Posts