ක්‍රීඩාංගනයක් කිව්වම මොකක්ද මතක් වෙන්නේ. පොලොව මත තිබෙන පිටියක් නේද? හැබැයි කවදාවත් හිතුවද අහසේ තිබෙන ක්‍රීඩා පිටියක් ගැන? පසුගිය දවස්වල දිගින් දිගටම සමාජ මාධ්‍ය වල සෞදි අහසේ ඉදි වෙන පා පන්දු පිටියක් ගැන කතා වුණා.
ඉතින් මොකක්ද මේ සෞදි sky stadium?
350m ක් උසැති ගොඩනැගිල්ලක් මත තිබෙන සම්පූර්ණ පාපන්දු පිටියක රූප රාමු ඔයත් දැකලා ඇති. ඒ වගේම මේ video එක ඉතා ආකර්ශනීය ලෙස නිර්මාණය කරලා තිබුණා.
ඉතින් ඔයා දැනගත යුතු දෙයක් තමයි මේ ප්‍රචාරය වුණ කිසිවක් නිල දර්ශන නොවෙයි.
මේ වන තෙක්, මෙම කුළුණේ ඉහළ ඉදිවන ක්‍රීඩාංගන සැලැස්මක් පිලිබඳ නිල වචනයක් හෝ නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා නැහැ.
ඉතින් දැන් අපි කවුරුත් දන්නා විදිහට මේක AI කරපු තවත් ලස්සන වැඩක්.
මේ AI නිර්මාණය කරපු stadium එකනම් විශාල NEOM ව්‍යාපෘතියේ, The Line හි කොටසක් ලෙස සැලසුම් කර ඇති 350m ක උස පාපන්දු පිටියට සමාන වෙන්නේ නැහැ.
එහෙනම් මොකක්ද සැබෑ සැලැස්ම?
සැබෑ සැලැස්මේ තිබෙන්නේ AI video එකේ දක්වපු ආකාරයේ අහසේ දිලෙන stadium එකක් වෙනුවට අලංකාර rooftop park එකක් වැනි යමක්.
මේ වෙනකොට මේක තනිකරම science fiction එකක් බව ඔප්පු වී හමාර වුණත් අද වෙන විට ලෝකයේ සිදුවන තාක්‍ෂණික දියුණුව දෙස බලන විට ළඟදීම දවසක මේ ප්‍රබන්ධය සැබෑවක් වෙන්නත් බැරි නැහැ.