කවදා හරි vegetarian වෙන්න හිතලා තියෙනවද?

  • Home
  • /
  • Art
  • /
  • කවදා හරි vegetarian වෙන්න හිතලා තියෙනවද?

මේ කියන්න හදන්නේ ටිකක් අමුතු විදිහේ කතාවක් ගැන. කතාව අමුතු වුනාට මේක සම්මාන පවා දිනා ගැනීමට සමත් වුණා. 

මේ තමයි Han Kang විසින් රචනා කළ Deborah Smith විසින් පරිවර්තනය කළ “The Vegetarian” කියන කෘතිය.

පොඩි හඳුන්වාදීමක් කළොත් කතාව යන්නේ මෙහෙමයි. Yeong Hye සහ ඇගේ සැමියා කියන්නේ වැඩිය කාගේවත් අවධානය දිනාගන්න යුවළක් නෙවෙයි. ඔවුන් නිහඬ, වගේම සැඟවුණු ජීවිත ගත කරනවා. 

නමුත් ඝාතනය කරන ලද සතුන්ගේ ලේ වැගිරෙන රූප අගේ මනසේ හොල්මන් කරන නිසා, ඇය නිර්මාංශිකයෙකු වීමට තීරණය කරනවා. එය ප්‍රචණ්ඩකාරී ආක්‍රමණශීලී සිතුවිලි වලින් ඇයව පවිත්‍ර කර ගැනීමට ගන්න අසාර්ථක උත්සාහයක්. මස් අනුභව කිරීමේ සම්මතය Hye ප්‍රතික්ෂේප කිරීම, ඇය පෙර ජීවත් වූ උදාසීන ගෘහ ජීවිතයට තර්ජනයක්. ඇති කරනවා. ඉතින් මේ නිර්මාංශ වීම මේ කාන්තාවට කොහොම බලපායිද? මේ තීරණයේ කුරිරු ප්‍රතිඵල ගැන Han Kang හරි ලස්සනට ගවේෂණය කරලා තිබෙනවා.

Deborah Smith විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද මේ විශිෂ්ඨ කෘතිය 2016 දී International Booker Prize එක දිනා ගන්න සමත් වෙනවා. මෙම සම්මානය කෘති සමූහයකට වඩා තනි ප්‍රබන්ධ කෘතියකට පිරිනමන ලද පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

Image credit: medium.com 

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025