අද අපි කියන්නේ foodies ලට ගැලපෙන පොතක් ගැන. foodies ලට ගැලපෙනවා කිව්වට මේක food recipes තියෙන පොතක් නම් නෙවෙයි. මේක අන්තර්ජාතික සම්මාන දිනපු novel එකක්. මේ තමයි Hilary Mantel විසින් රචිත Wolf Hall.
Mantel විසින් කුප්‍රකට Thomas Cromwell පිලිබඳ ගෙතූ මේ ප්‍රබන්ධ චරිතාපදානය 2009 දී Booker Prize එක ජයග්‍රහණය කිරෙමට සමත් වුණා වගේම, මේ නවකතාව 21 වන සියවසේ ශ්‍රේෂ්ඨතම ඓතිහාසික නවකතාවලින් එකක් ලෙසත් බොහෝ දෙනා සලකනවා.
අටවන හෙන්රි රජුගේ මහ ඇමතිවරයාගේ නැග ඒම නිරූපණය කරන Wolf Hall, ආකර්ශනීය හා උපායශීලී Cromwell කෙනෙකු අප වෙතට ගෙන එනවා. Anne Boleyn විවාහ කර ගැනීම සඳහා Aragon හි Catherine දික්කසාද කිරීමට රජුට උදව් කරන විට ඔහු තමාගේම දේශපාලන න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන යාමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා.
Mantel ගේ මෙම නවකතාව 1520 ගණන්වල එංගලන්තයේ Tudor යුගය පසුබිම් කරගෙන ඇති අතර, ඇය මෙහිදී සමාජ පන්තිය නියෝජනය කිරීමට ආහාර භාවිතා කර තිබෙනවා. උසාවිය සඳහා porpoise සහ මුව මස් වලින් සමන්විත සුඛෝපභෝගී ආහාර ඇතුළත් වන අතර, සේවකයින් පාන් සහ සරල මාළු අනුභව කරනවා. බෙදාහදා ගන්න ආහාර සහ පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහ බොහෝ විට සත්කාරකයාගේ දේශපාලන මනාපයන්ට අනුගත වීමට සහභාගිවන්නන්ට බලපෑම් කිරීමක් ලෙස දක්වනවා.
මේ ආකාරයට සංකීර්ණ සමාජ තත්ත්වයන් හුවා දක්වන්න ඇය ඉතා දක්ෂ ලෙස ආහාර කලාව යොදාගෙන තිබෙනවා. ඉතින් මේක කියවන ඔයාට හරවත් කතාවක් වගේම අද්විතීය රසයන් එක් කළ කෑම වර්ග ගොඩකුත් හමු වේවි.
මේ කතාව ආශ්‍රයෙන් Wolf Hall නමින්ම British television series එකකුත් නිර්මාණය වුණා. මේක මුලින්ම විකාශනය වුණේ 2015 ජනවාරි මාසයේ දී BBC Two හරහා. පසුව එක්සත් ජනපදයේ වගේම BBC First නාලිකාව හරහා ඕස්ට්‍රේලියාවෙත් මේ tv series එක විකාශනය වුණා. ලොව දැවැන්තම සම්මාන උළෙලවල් කිහිපයකම නිර්දේශ වීම් රැසක් ලබා ගන්නට වගේම Best Miniseries or Television Film එක විදිහට සම්මාන දිනා ගන්නත් මේක සමත් වුණා.
Image credit: www.pbs.org